මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක්

    අගෝස්තු 01, 2020

    සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්යයි වේ.


    සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්‍ය බව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට භාරදුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසූ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවේ සදහන් වේ.එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භයේ රැදී සිටින කිසිදු අවස්ථාවක මුව ආවරණ ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම සිදු නොකළ යුතු බවද මාර්ගෝපදේශවල සදහන් වේ.


    මාර්ගෝපදේශයන්ට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් 225 දෙනාටම පාර්ලිමේන්තු රැස්වීමේදී සභා ගර්භයේ සෞඛ්‍ය ආරක්ෂිතව අසුන් ගත හැකිවන නමුත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ තමාට වෙන් කර තිබෙන ආසන වල පමණක් අසුන් ගැනීම අනිවාර්‍ය වන අතර සභා ගර්භය තුළ රැදී සිටින සෑම අවස්ථාවකම මීටරයක දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය.


    සභා ගර්භයේ රැදී සිටින සියලුම නිලධාරින් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම ගැලරියන්හි සිටින සියලුම පාර්ශවයන් ද මුව ආවරණ පැළද සිටිය යුතු බව මාර්ගෝපදේශවල සඳහන්ව ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මහ ලේකම්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාව පාර්ලිමේන්තුවේදී ඊයේ (31) බාර දීමෙන් අනතුරුවය.


    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කාරක සභා රැස්වීම් වලදී ද මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්‍ය වේ.පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී හැකි සෑම විටම මුව ආවරණ පැළද සිටීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරිණි.


    මෙයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තමන්ගේ ජංගම දූරකථන සහ පෑන් ඇතුළු පුද්ගලික උපකරණ හුවමාරු නොකළ යුතු අතර,වැළද ගැනීම්,අතට අතදීම වැනි ආචාර කිරීමේ ක්‍රමයන්ගෙන්ගෙන් වැළකී සිටිය යුතු බවද මාර්ගෝපදේශවල අන්තර්ගත බව මහලේකම්වරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.


    මේ අවස්ථාව ඇමතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීම සදහා මෙම මාර්ගෝපදේශ මහෝපකාරිවන බවයි.
    පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන සෑම ස්ථානයකම විෂබීජ නාශක දියර තබා තිබිය යුතු අතර,මන්ත්‍රීවරයන් හා නිලධාරින් සභා ගර්භයට පිවිසීමට පෙර ඒවායින් තම දෑත් පිරිසිදු කර ගත යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයන් 225 දෙනාටම සභා ගර්භය තුළ ආරක්ෂිතව අසුන් ගත හැකි බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී පැවසීය.

    පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව කොවිඩ් 19 අභියෝගයෙන් ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ සැකසු බවත් , මෙය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සැකසූ තුන්වන මාර්ගෝපදේශ පද්ධතිය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    පාර්ලිමේන්තු සභා ගර්භය, මන්ත්‍රී ආලින්දය, මහජන,මාධ්‍ය සහ විශේෂ අමුත්තන්ගේ ගැලරි,මන්ත්‍රී භෝජනාගාර, පුස්තකාලය, මුළුතැන්ගෙය, කාර්ය මණ්ඩල ආපනශාලා, විශේෂ අමුත්තන්ගේ භෝජනාගාරය ඇතුළු පාර්ලිමේන්තු පරිශ්‍රයේ ස්ථාන ගණනාවක් ආවරණය වන පරි දි මෙම මාර්ගෝපදේශ සකසා ඇති අතර ප්‍රවාහන සේවා සහ කාර්‍යාල පිරිසිදු කිරීමේ කාර්‍ය මණ්ඩල සදහා ද මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

    සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන් අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya