අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිබෝගිකයන්ට ලබාදුන් විදුලි බිල් නිවැරැදියි- රජය ජනතවට සහනයක් ලබාදුන්නා- ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති

    ජූලි 31, 2020

    පසුගිය කොරෝනා සමයේ දී විදුලි පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් විදුලි මිල ඉහළ යාම විදුලි බල මණ්ඩල වරදක් නොවන බවත් ලබා දුන් බිල්පත නිවැරදි බවත්,පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා  ඊයේ (30) ලංකා විදුලි බල මණ්ඩල ශ්‍රවණාගාරයේ දි පැවැති මාධ්‍ය හමුවක දි පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා,මේ ගැටලුවට විසදුමක් ලෙසින් රජය විසින් සහනයක් ලබා දිය යුතු බවට තීරණයක් ගන්නා ලදී.එහි දි කමිටුවක් පත් කළ අතර ඉන් තිරණය වුවේ, මාර්තු අප්‍රේල් හා මැයි යන මාස තුන සඳහා මිට පෙර එනම් පෙබරවාරි මසට සමාන බිලක් ගෙවිම ප්‍රමාණවත් බව කීය.

    එසේ වුවද ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේ බිලියන 85ක අලාභයක් ලැබු අතර මේ වසරේ දි අලාභය බිලියන 90 වෙතැයි පුර්වෝකතනය කර තිබුණි. එසේ වුවද,නව රජය ගත් යම් යම් ඵලදායි තීරණ හා විදුලි පරිභෝජනය අඩුවිමත් සමඟ මේ වන විට අප පුර්වෝකතනය කර ඇත.ඇත්තේ බිලියන 63ක ප්‍රමාණයක් බවයි.එයට හේතු වුවේ ඉන්ධන සහනය ලැබිමත්,කර්මාන්තවල විදුලි පරිභෝජනයත් අඩු විමත්, රජය ගත් කාර්යක්ෂම වැඩපිළිවෙළ ද මෙයට හේතු වු බවයි.ඒ හෙයින් පුර්වෝකතනය කර තිබු බිලියන 90 ක අලාභය බිලියන 63 කට අඩු වන බවයි.මෙය මත බිලියන 03ක මුදලක් රජය සහනයක් ලෙසින් ජනතාවට ලබා දිමට රජය තිරණය කළ බව සභාපතිවරයා පැවසීය.එම සහනය මේ වන විට කැබිනට් පත්‍රිකාවකින් ලබා දි තිබේ.

    එසේම මෙම සහන මුදල විදුලි බල මණ්ඩලයට පාඩු කරලා ලබා දෙන සහනයක් නොවන බව පැවසු විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ,රජයේ දුරදක්නා වැඩපිලිවෙළ නිසා සහනය ලබා දුන් බවයි.එසේම 25%ක් විදුලි බිල අඩු කරලා 2015 මෙම ආයතනය ලාභ ලාබු බවත්,එසේ වුව ද පසුගිය රජයට එම කටයුත්ත කිරිමට හැකි නොවු බවත් කීය.එයට සම්පුර්ණ වගකිව යුත්තේ පසුගිය රජය බවය.පසුගිය වසර 5 තුළ කිසිදු අලුතින් විදුලිබලාගාරයක් හැදුවේ නැ. සාම්පුර් නැවතුනා.LNG නැවතුනා.විනිවිදභායකින් තොරව විදුලි මිලදිම් ගැනිම් සිදුවිම නිසා මෙම අලාභය සිදු වු බව වැඩිදුරටත් සභාපතිවරයා කිය.

    එසේම සභාපතිවරයා නොරොච්චෝලේ 4 අදියර යටතේ ඉදිරවිට නියමිත ව අඇති බලාගාරය යම්බන්ධයෙන්ද මාධ්‍ය වේදියෙකු නැගූ පැනයකට පිළිතුරු සපයමින් පැවසූයේ,මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරිසර වාර්තා තාක්ෂණික වාර්තා අධ්‍යයනය කරමින් පවතින බවත්,මේ සම්බනධයෙන් අවසන් තීරණයක් මෙම වාර්තා ලැබෙන තුරු ලබා දිය නොහැකි බවත්ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya