අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර සහනාධාරය ලබා දීමටත්, පොහොර හිඟයකින් තොරව ලබා දීමටත් වැඩපිළිවෙළක්..

    ජූලි 31, 2020

    වෙළඳ ව්‍යාපාර සහ ස්වයං රැකියා වල නිරත වන්නන්ට ණය පහසුකම්..

    කෘෂි නිෂ්පාදන වල මිල පහළ යාම නිසා මෙරට කෘෂි කර්මාන්තයේ නියැලී සිටින්නන් මුහුණ දී තිබෙන බරපතල ගැටලුකාරී තත්ත්වයෙන් මුදවා ගැනීමට වහාම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


    කෘෂි බෝග වලට හොඳ මිලක් ලබා ගැනීමට නොහැකිව ගොවීන් අසරණ වී ඇති බව ( 30) පෙරවරුවේ ගම්පොළ, දොළුව නගරයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරියේ දී ගම්මිරිස්, සාදික්කා ඇතුළු අපනයන බෝග වලට හොඳ මිලක් ලබා දීමට හැකි වන පරිදි කටයුතු කිරීමට රජය පියවර ගෙන ඇත.

    මීට අමතරව වතු කම්කරු වැටුප් ගැටලුව විසඳමින් රුපියල් දහසක වැටුපක් ලබාදීම සඳහා රජය වශයෙන් මැදිහත් වීමට තීරණය කොට තිබේ.
    වෙළඳ ව්‍යාපාර සහ ස්වයං රැකියා වල නිරත වන්නන්ට ණය පහසුකම් ලබාදීමට ද නව වැඩපිළිවෙළ යටතේ සැලසුම් සකස් කොට ඇත.
    සුළු තේ වතු හිමියන්ට නව තාක්ෂණික දැනුම ලබා දීම සහ රක්ෂණාවරණයක් ලබා දීමටත්, පොහොර සහනාධාරය ලබා දීමටත්, පොහොර හිඟයකින් තොරව ලබා දීමටත් රජය කටයුතු කරමින් සිටී. සෞඛ්‍ය පහසුකම් අවම ග්‍රාමීය රෝහල් සංවර්ධනය කිරීමටත්, ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමටත්, නව වැඩපිළිවෙළ යටතේ කටයුතු යොදා ඇත.
    පසුගිය රජය කාලයේ දී නවතා දමා තිබූ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු ඉතා කඩිනමින් අවසන් කිරීමට ද පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya