අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සිදු කරන ලද ප්‍රකාශය

    ජූලි 31, 2020

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව (2020.07.30) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ.

    ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙක් කොවිඩ් 19 වෛරසය ආසාදිතයකු ලෙස ඊයේ රාත්‍රියේ හමුවුණා. මීට පෙර කන්දකාඩු රෝගියකුගේ පවුලේ ඥාතීන් වන ලංකාපුර පවුල් දෙකක පුද්ගලයින් කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයින් බවට පත් වූවා. මෙම තැනැත්තා එම පවුලක අයෙකුව ආශ්‍රය කර ඇති බව තමයි හෙළිවන්නේ.
    කොහොම වුණත් මෙම තත්වය මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ඊට යාබදව තිබෙන ප්‍රාදේශීය සභාවේත් සැලකිය යුතු පිරිසක් PCR පරීක්ෂණ වලට ලක් කරනවා. ඒ වගේම නිරෝධායනයට ලක් කරනවා. මෙහිදී රාත්‍රියේම 325 කට අධික සංඛ්‍යාවකගේ PCR පරීක්ෂණ සඳහා පටල ගැනීම සිදුවෙනවා. ඒ වගේම මේ සියලු දෙනාම නිරෝධායනයට ලක් වන්නන්. ගෘහස්ත නිරෝධායනයට තමයි ලක් කර තිබෙන්නේ. මීට ඇතුළත් වෙනවා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය සභාවේ සේවය කරන්නන්, ඒ වගේම මෙම රෝගියාගේ විවිධ ආශ්‍රිතයින්.

    මේ අවස්ථාව වන විට ඇත්තෙන්ම එම ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පණවා නැහැ. ඒ කටයුතු සාමාන්‍ය පරිදි කෙරෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, බුද්ධි සේවා එම රෝගියාගේ ආශ්‍රිතයින් සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා. අපට හෙට දිනය වන විට මෙම සිදුකරන PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබුණු පසු මෙම තත්වය කෙසේද යන්න මැනබැලීමට පුළුවන්. කෙසේ වෙතත් අප කලින් කියූ පරිදි මේ ආකාරයට කලින් පැවති පොකුරු හරහා ඇතිවන රෝගීන් හමුවීමේ සම්භාවිතාව තිබෙනවා. නමුත් එසේ හමුවන රෝගීන් හරහා රෝගය සමාජගතවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් අංශ වලින් ගනිමින් සිදු කරගෙන යනු ලබන බවත් ප්‍රකාශ කිරීමට කැමතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya