අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාථමික ශ්‍රේණි ඇතුළු සියලුම ශ්‍රේණිවල දරුවන්ට අගෝස්තු 10 වැනි දා සිට පාසල් යලි ඇරඹේ

    ජූලි 30, 2020

    කොව්ඩ් වසංගතය හේතුවෙන් නිවාඩු ලබා දුන් ප්‍රාථමික ශ්‍රේණි ඇතුළු සියලුම ශ්‍රේණිවල දරුවන්ට අගෝස්තු 10 වැනි දා සිට පාසල් යලි ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරැම මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ (29) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    එහිදී සිසුන් පාසලට ගෙන්වා ගැනීම ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන සිදු වියයුතු අතර පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 හෝ ඊට අඩු පාසල් මීටරයක පරතරය ඇතිව පවත්වා ගත හැකි නම් සියලුම ශ්‍රේණිවල සිසුන්ට සුපුරුදු පරිදි පාසල පවත්වාගෙන යාමට උපදෙස් ලබා දී තිබෙන බව අමාත්‍යවරයා කීය.

     

    ඒ අනුව සිසුන් සංඛ්‍යාව 200ට වැඩි ප්‍රාථමික සහ ද්විතියීක පාසල් වල ප්‍රාථමික ශ්‍රේණියේ දරුවන් පාසලට කැඳවන්නේ සතියට එක් දිනක් පමණි. 5 ශ්‍රේණියේ දරුවන්ට සතිය පුරාම පාසල පැවත් වෙන අතර පාසල පැවැත්වෙන කාලසීමාවේ වෙනසක් සිදු නොවේ. 1 සිට 5 ශ්‍රේණි වල දරුවන් පාසල පැවැත්වෙන්නේ පහත පරිදි වේ.

    සඳුදා - 1 හා 5 ශ්‍රේණි

    අඟහරුවාදා - 2 හා 5 ශ්‍රේණි

    බදාදා -3 හා 5 ශ්‍රේණි

    බ්‍රහස්පතින්දා /සිකුරාදා 4 හා 5 ශ්‍රේණි

     

    සමස්ත සිසුන් සංඛ්‍යව 200 ට වැඩි ද්විතීයික පාසල් වල 6 වසර සිට 13 වසර දක්වා සිසුන් පාසලට කැඳවන්නේ පහත පරිදිය.

     

    සඳුදා - 6,10,11,12 හා 13 ශ්‍රේණි

    අඟහරුවාදා - 7,10,11,12 හා 13 ශ්‍රේණි

    බදාදා -8,10,11,12 හා 13 ශ්‍රේණි

    බ්‍රහස්පතින්දා /සිකුරාදා 9,10,11,12 හා 13 ශ්‍රේණි

     

    6,7,8 හා 9 ශ්‍රේණි වල දරුවන් සඳහා පාසල් කාලය පෙ.ව 7.00 සිට ප.ව 1.30 දක්වා වන අතර 10,11,12,13 ශ්‍රේණි වල දරුවන් සඳහා පාසල් කාලය පෙ.ව 7.30 සිට ප.ව 3.30 දක්වා වේ.

     

    පාසල් වල සියලුම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයද අගෝස්තු 10 වනදා සිට පෙර පරිදි රාජකාරියට වාර්තා කළ යුතු වේ.

     

    එළඹෙන මහමැතිවරණයේ ඡන්දමධ්‍යස්ථාන සහ ඡන්ද ගණන්කිරීම කටයුතු සඳහා 8000කට ආසන්න පාසල් ප්‍රමාණයක් යොදාගැනීම නිසා සහ ගුරුවරුන්ගෙන් 60% පමණ දෙනා ඡන්ද රාජකාරි කටයුතු වල නිරත වන බැවින් අගෝස්තු මස පළමු සතියේ (අගෝස්තු 3වන දා සිට 8 වන දා දක්වා) දරුවන්ට නිවාඩු ලබාදෙන අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරැම මහතා වැඩිදුරටත් පැවසීය.ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තබනු ලැබේ.

    පෙර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද අදාළ පාර්ශව සමග දීර්ඝව සාකච්ඡා කළ බවත් එළඹෙන අගෝස්තු 04 වැනිදා සිට16,622 පමණ වූ දිවයින පුරා පෙර පාසල් නැවත ආරම්භ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    තවද ගුරු සහයකයින් බඳවාගන්නේ නම් පමණක් පළමු ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාව වන 35 සීමාව 40 සීමාව දක්වා වැඩි කළ හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අධිකරණයේ අවසරය ලැබී තිබෙන බවද අමාත‍්‍යවරයා වැඩිදුරටත් පැවසීය. අගෝස්තු මස 10 වනදායින් පසුව ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව අවසර දී තිබේ.

     

    තවද නවමු ව්‍යාපෘතියක් ලෙස ලක්ෂ 43ක් පමණ වන ශිෂ්‍ය සංඛ්‍යෙවේ සෑම සිසුවකුටම අනන්‍යතා අංකයක් (Student Identification Number) ලබා දීමට කටයුතු කරන අතර පාසල් පද්ධතියේ සිටින මුළු කාලයේම මෙම අංකය තුළ සියළුම තොරතුරු ගොනුවන බවද අමාත්‍යවයා කීය. මේ සම්බන්ධ ඉදිරි කටයුතු විභාග දෙපාර්තමේන්තුව මගින් සිදු වේ.

     

     

    අධ්‍යාපන ආයතන පරිශ්‍රයන් මත්ද්‍රව්‍යයන්ගෙන් තොර නිදහස් කළාපයක් බවට පත් කිරීම සඳහා අදාළ චක්‍රෙල්කයක් ද අද අත්සන් කර ඇති අතර ඒ අනුව සියලුම අධ්‍යයන ආයතන මත්ද්‍රව්‍ය යෙන් තොර නිදහස් කළාපයක් බවට පත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය තිරණයකට එළඹි බවද අමාත්‍යවරයා කීය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya