මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවත් කොවිඩ් ආසාදිතයෙක් IDH රෝහලෙන් පැනගොස් ඇතැයි ,ඇතැම් සමාජ මාධ්‍ය ජාලා විසින් ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්

    ජූලි 26, 2020

    කොවිඩ් -19 වැලදුනු තවත් පුද්ගලයෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් (IDH රෝහලෙන් )පැනගොස් ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය ජාලා විසින් ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH රෝහලේ) අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

    මෙම අසත්‍ය ප්‍රචාරය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමත් සමග විවිධ ආයතන හා පුද්ගලයින් දිගින් දිගටම ඒ පිළිබඳව තමාගෙන් විමසීම් සිදුකරන බවද වෛද්‍ය හසිත අත්තනායක මහතා කියයි.

    මේ වන විට සියලු ආරක්ෂක ක්‍රමවේද නිසිපරිදි ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා , අනවශ්‍ය ,අසත්‍ය ප්‍රචාර සිදුකර සමාජය නොමග යැවීමෙන් වැලකීම සියලු පුද්ගලයින් සහ ආයතන වෙත පැවරී ඇති වගකීමක් වන බව අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya