අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊ.ටී. අයි. - ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් සර්විස් තැම්පත්කරුවන්ගේ මුදල් ගෙවීම අද සිට

    ජූලි 25, 2020

    ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    දැනට මහජන බැංකු ශාඛා 46ක් මගින් පමණක් සිදු කෙරෙන ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ රුපියල් ලක්ෂ හය (600,000/=) බැගින් වූ තැන්පත් මුදල් ගෙවීම දිවයිනේ සියලු මහජන බැංකු ශාඛා හරහා සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

    දළ වශයෙන් 146,000ක් පමණ වූ ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන් සඳහා දැනට තැන්පත් ආපසු ගෙවීම සිදු කරනු ලබයි.

    මීට අමතරව ඊ.ටී. අයි. මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 38,000කට සහ ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් සර්විස් පොදු සමාගමේ ගනුදෙනුකරුවන් 9,000කට ද තැන්පත් මුදල් ගෙවීම ජූලි මස 25 වැනි සෙනසුරාදා සිට දිවයිනේ සියලු ම මහජන බැංකු ශාඛා මගින් සිදු කිරීම ආරම්භ කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya