අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලික බස් රථ ගැටලුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා - අමාත්‍ය මහින්ද අමරවීර

    ජූලි 15, 2020

    පුද්ගලික බස් රථ ගැටලුව අද(15) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.

    මේ බව මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ මගින් නිර්දේශ කර තිබෙන පොදු ප්‍රවාහන ක්‍රියාත්මක කිරිමේ අනුගමනය කළ යුතු නීති සමඟ දෛනික ආදායම 50%කින් පහත වැටී තිබෙන බවත්,තවදුරටත් මෙම කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බවත්,මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බවත් මීට පෙර දී සඳහන් කෙරුනු අතර මේ සම්බන්ධයෙන්  ඇමතිවරයා හා පෞද්ගිලක බස් රථ හිමියන් අතර පසුගිය දා සාකච්ඡාවක් ද පැවැතිවිණි.

    කෙසේ වුවද ඇමතිවරයා ලබා දුන් ප්‍රතාඥව පරිදි අද (15) දින මෙම ගැටළු ඉදිරිපත් කිරිමට නියමිත ය.එසේම බස්රථ සංගම්වල ඉල්ලිම් වලට රජය සාධාරණ ප්‍රතිචාර දැක් විය යුතු බව තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා පවසයි.

    එසේම ලංගම හා දුම්රිය ගාස්තු රජය විසින් ඉහළ දැමිමට අපෙක්ෂා නොකරන බවත්,පෞද්ගලික බස්රථවල බස්ගාස්තු ඉහළ නංවන්නේ නම් එය ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ අනුමැතිය ලබා ගත යුතු බවත් ඇමතිවරයා ස්ඳහන් කළ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya