අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජයෙන් රෝගීන් හඳුනා ගන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරනවා- විවිධ ප්‍රදේශවලින් ආසාදිතයින් වාර්තා වන බවට කට කතා පැතිරෙනවා

    ජූලි 14, 2020

    සමාජයෙන් රෝගීන් හඳුනා ගන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන බවත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බවට කට කතා හා සමාජ මාධ්‍ය හරහා පුවත් වාර්තා වන බවත් එවැනි තත්ත්වයක් නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

     සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (14) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

    එහිදී අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් පිළිබඳව පැහැදිළි කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා;

    ඕමානයේ සිට අද පැමිණි තිදෙනෙකුට කොවිඩ් 19 ආසදනය වී ඇති අති බවට හඳුනාගෙන තිබේ.එමෙන් ම කුණ්ඩසාලේ ප්‍රදේශයේ දී කන්ඩකාඩු මධ්‍යස්ථානයේ උපදේශකයකු ලෙස කටයුතු කළ නිලධාරියෙකුගේ භාර්යාවක් සහ ඔවුන්ගේ මාමණ්ඩියක කොවිඩ් 19 අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

    ලංකාපුර ප්‍රදේශයේ තවත් කොවිඩ් ආසාදිතයෙක් අද වාර්තා වී තිබේ.රාජාංගනෞඅ ප්‍රදේශයේ පුද්ගලයන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදු කෙරෙන අතර අද එක් පුද්ගලයෙකු කොවිඩ් 19  ආසාදිතයෙකු ලෙස වාර්තා වී තිබෙන බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බවට කට කතා පැතිරෙන බව කී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව කරුණු පැහැදිළි කරමින් කියා සිටියේ,කන්දකාඩු  මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරින්, රැදවියන් ලෙස සිටිය අය තම නිවෙස්වලින් නැවත නිරෝධායනය සඳහා කැඳවාගෙන යෑමේ දී මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි. ආරක්ෂක අංශය හා  සෞඛ්‍ය පරීක්ෂකවරු විවෘතව මෙම කටයුත්තේ නිරතවන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

    තවද රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහල කොවිඩ් ආසාදිත රෝගියකු වාර්තා වීමත් සමඟ එම රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. මෙම රෝහලෙන් වාර්තා වූ ආසාදිතයා ද  කන්ද කාඩු මධ්‍යස්ථානයේ උපදේශකයකු ලෙස කටයුතු කර තිබෙන බව ද මේ වනවිට එම රෝහලේ 48ක් පී සී ආර් පරීක්ෂණ සිදු කර තිබෙන බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya