අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජාංගණය සහ වැලිකන්ද යන ප්‍රදේශවලට ඡන්ද පත්‍රිකා බෙදා හැරීම තාවකාලිකව නවත්වයි - සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට පියවර- තැපැල්පති

    ජූලි 14, 2020

    රාජාංගණය සහ වැලිකන්ද යන ප්‍රදේශ වලට ඡන්ද පත්‍රිකා බෙදා හැරීම තාවකාලිකව  නවතා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (14) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී කියා සිටියේය.

    මෙම ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් එම ප්‍රදේශවල දැනට සංචරණ සීමා පැනවීමත් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

    නිරෝධායනය වන නිවෙස් වලට ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කොට  නොමැති බවත්  ඉදිරියේ දී සෞඛ්‍ය අංශවල උපදෙස් මත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට පියවර ගන්නා බවත් ඒ මහතා කියා සිටියේය.

    මෙවර 8000 කට ආසන්න සේවක මණ්ඩලයක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට යොදවා ඇති අතර ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ අවසන් දිනය ලබන 29 වන දින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya