අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " සුවවිරු රණවිරු " උපහාරාත්මක ගීතය එළිදැක්වේ

    ජූලි 14, 2020

    වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ හෙද නිලධාරිනි භාග්‍යා බෝයගොඩ (Mrs. Bhagya Boyagoda) මහත්මිය විසින් කොරෝනා වසංගත තත්ත්වය සාර්ථකව මැඩලීමට මූලිකත්වය ගනු ලබන රණවිරුන්වන්ට සහ සුව විරුවන්ට උපහාර පිදීමේ අරමුණින් නිර්මාණය කරන ලද "සුවවිරු රණවිරු " උපහාරාත්මක වීඩියෝ ගීත නිර්මාණය එළි දැක්වීමේ උත්සවය (13) දින වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි.

     

     " සුවවිරු රණවිරු " උපහාරාත්මක ගීතය පද රචනය, තනු නිර්මාණය සහ ගායනය සිදු කොට ඇත්තේ ද හෙද නිලධාරිනි භාග්‍යා බෝයගොඩ මහත්මිය විසින් වීම විශේෂත්වයක් වන අතර, වසංගතයෙන් වසන්තය ගෙනඒමට උරදුන් සියළු රණවිරු සහ සුවවිරුවන්ට උපහාර පිරිනැමීම මෙම ගීත නිර්මාණයෙන් ප්‍රධාන අරමුණ බව ඇයපෙන්වා දෙයි. හෙදියක් ලෙස සමාජ භූමිකාව තුල තම වෘත්තීය තත්ත්වය නිරූපනය කරන මවකගේ සිත තුල දරුවන් කෙරෙහි ඇති වූ මාතෘ සෙනෙහස ගෙනහැර දැක්වෙන හෙද නිලධාරිනී භාග්‍යා බෝයගොඩ මහත්මියගේ තවත් නිර්මාණයක් වන"කිරට හඩනා..." නැමැති ගීතය ද ) එළිදක්වන ලදි.

     

    මෙම අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් හෙද සං ගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ, හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලී මහත්මිය, හෙද අධ්‍යක්ෂිකා (අධ්‍යාපන) අශෝකා අබේනායක මහත්මිය, හෙද අධ්‍යක්ෂිකා (මහජන සෞඛ්‍ය) ආර්.එල්.එස් රාජපක්ෂ මහත්මිය, වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ අධ්‍යක්ෂ ඒ.ආර්.එම් තවුෆික් මහතා, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනීතුමියන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya