අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවත්නා තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමේ ගැටළුවක් නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ජූලි 13, 2020

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ පොකුර පාලනය කිරීම සඳහා අවශ්‍ය සැම පියවරක් ම මේ වන විට ගෙන තිබෙන බවත්, ජනතාව තවදුරටත් ආරක්‍ෂිත බවත්, මැතිවරණය මෙම තත්ත්වය යටතේ පැවැත්වීමේ ගැටළුවක් දක්නට නොලැබෙන බවත් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

    අද (13) ජනමාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

    මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ කලකට පෙර මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කොට සකස් කර ලබා දී ඇති බවත්, එකී මාර්ගෝපදේශ මැතිවරණ කොමිසම ඉතා ඉහළින් පිළිගෙන තිබෙන බවත් සඳහන් කරන ලදුව, මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිතා කරමින් මහමැතිවරණය පැවැත්විය හැකි බව ඔවුන් පිළිගෙන තිබෙන බවත්, ඒ වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය භාවිතා කරමින් තම ප්‍රචාරණයන් සිදු කිරීම මඟින් කිසිඳු හානියක් සිදු නොවන බවත් මෙහි දී අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

    එහෙත්, අනවශ්‍ය ලෙස එකිනෙකා හා ගැටෙන සම්බන්ධ වන හෝ ඒකරාශී වන තත්ත්වයන් නිර්මාණය කළ හොත් මැතිවරණය පවා අවදානමකට ලක් විය හැකි බව ද ඒ මහතා විශේෂයෙන් අවධාරණය කර සිටියේය.

    මේ වන විට සියලුම සෞඛ්‍ය කාර්යය මණ්ඩල, හමුදාව සහ බුද්ධි අංශ එක්ව විශාල මෙහෙයුමක් දියත් ඇති අතර පෙර මෙවැනි මෙහෙයුම් පවත්වාගත්තේ රටම තාවකාලික ව වසා දැමීමෙන් වුවත් මෙවර මෙම කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ සාමාන්‍ය තත්ත්වය යටතේ හෙයින් මෙවැනි මෙහෙයුම් කිරීමේ දී පෙර පරිදි සිදු කිරීමේ අසීරුතාවයන් මතු වන බවත් අනිල් ජාසිංහ මහතා මෙහි දී සඳහන් කළේය.

    එමෙන්ම, ඇති වන අසීරුතාවයන් වළක්වාගැනීම සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වන අතරම අත්‍යවශ්‍ය ජන ජීවිතය සඳහා පමණක් තමන්ගේ සංචරණයන් සිදු කරන ලෙසත් සඳහන් කරන ලදුව, මේ සම්බන්ධයෙන් විවිධ කට කතා තිබුණ ද ඇත්තේ වෛරසයේ පැතිරීමක් නොව ප්‍රදේශවලට කොටු වූ තත්ත්වයක් බවත් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya