අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්තමාන covid-19 වසංගත තත්ත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ දැඩි අවධානය

    ජූලි 12, 2020

    දිවයිනේ වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යාපන කාර්ය මණ්ඩල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන්  පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

     

    මේ සඳහා, ගරු අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට ඇත. මෙම මධ්‍යස්ථානය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු යටතේ, පහත සඳහන් දුරකථන අංක සහ ෆැක්ස් අංක යටතේ ක්‍රියාත්මක කර තිබේ.

    ක්ෂණික ඇමතුම්- 1988
    ෆැක්ස් අංකය 0112785818
    Email- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    මෙම අංක අමතා විදුහල්පතිවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ඇතුළු අධ්‍යාපන බළධාරීන්ට තම සේවා ස්ථානය හා ප්‍රදේශයේ covid-19 සම්බන්ධයෙන් තොරතුරු එවිය හැකිය. මෙම තොරතුරු මධ්‍යස්ථානය මගින් දිවයිනේ සියලුම පළාත් කලාප හා කොට්ඨාස තුළ වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය පිළිබඳ පාසල්වලට අදාල තොරතුරු රැස්කර ගන්නා අතර, එම තොරතුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනු ඇත.

    අධ්‍යාපන අමාත්‍යාංශය නිරන්තරයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ගැඹුරින් සිතා බලන බැවින් මෙම තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත් වුවහොත් දිවයිනේ සියලුම පාසල්, පිරිවෙන් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන සඳහා නැවත නිවාඩු ලබා දෙමින් සියලු දෙනාගේම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට නොපැකිළව මැදිහත් වන බව ද දන්වා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya