අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය අත්හිටුවයි

    ජූලි 12, 2020

    මධ්‍යම රාත්‍රි 12න් පසු පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැදිහත්වීම නිසා තාවකාලිකව අත්හිටුවීමට පුද්ගලික බස් රථ සංගම් තීරණය කළ බව මගී ප්‍රවාහන කළමණාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පුද්ගලික බස් රථ සංගම් විසින් අද දින මධ්‍යම රාත්‍රී 12න් පසු පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබිනි. රජය විසින් පොරොන්දු වු පරිදි රුපියල් ලක්ෂ තුනක මුදලක් බැංකුවක් මගින් ණය මුදලක් ලෙස ලබා නොදීම, කල්බදු වාරික හා රක්ෂණ මුදල් ගෙවීම සඳහා මාස තුනක සහන කාලයක් ලබා දිම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් තුන විය.

    මීට අමතරව බස්නාහිර පළාත් මාරගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ ක්‍රියාකලාපයන්ද ඔවුහු දැඩි ලෙස විවේචනය ලක් කර තිබේ. මෙම ඉල්ලීම් සම්බන්ධව හා ඔවුන් විසින් බස් ධාවනයෙන් ඉවත්වීමට ගත් තීරණය සම්බන්ධව පුද්ගලික බස් රථ සංගම් හා බස් රථ හිමියන් සමග සාකච්ඡාවක් ඊයේ (11) පස්වරුවේ අගුනකොළපැලැස්ස පිහිටි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවසේදී පැවැත්විනි. ඊට බස් රථ සංගම් නියෝජිතයින් 35ක් පමණ සහභාගි වුහ.


    එම සාකච්ඡාවේ දී ඔවුන් ඉහත කී ඉල්ලිම්වලට අමතරව ඉන්ධන සහනාධාරයක් හෝ බස් ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
    නමුත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ බස් රථ සංගම්වල ඉල්ලීම් සාධාරණ බව පිළිගන්නා නමුත් දැනට පවතින වාතාවරණය තුළ ඉන්ධන සහානාධාරයක් හෝ බස් ගාස්තු නැංවීමක් සිදු කළ නොහැකි බවයි.
    නමුත් ලබන බදාදා (15) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් තුන ඉදිරිපත් කර ඒ් සඳහා විසඳුම් ලබා දිමට පියවර ගන්නා බවත්, කොරෝනා වසංගත තත්ත්වයෙන් පසු මේ වනවිට මහජනතාව ප්‍රවාහන සේවා භාවිතා කරමින් ගමන් කිරීම අරඹා තිබෙන බැවින් මෙම අවස්ථාවේ බස් රථ ධාවනයෙන් ඉවත් නොවන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලිමක් කළේය.
    ඒ් අනුව අද දින මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පුද්ගලික බස් සංගම් විසින් ගන්නා ලද තීරණය සතියකින් කල්දැමීමට ඔවුහු තීරණය කළහ.
    බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපතිවරයා සම්බන්ධයෙන් බස් රථ සංගම් විසින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya