මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමඟ විවිධ කටකතා පැතිරීමක් දක්නට ලැබෙනවා - කටකතාවලට රැවටෙන්න එප!

    ජූලි 11, 2020

    කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමඟ විවිධ කටකතා පැතිරීමක් දක්නට ලැබෙන බවත් එවැනි කටකතාවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කිසිවක් නොසඟවා  ජනතාව දැනුවත් කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී පැවසීය

    කොවිඩ් 19 මර්දනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අද (11) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ ය.

    එහිදී වැලිකඩ බන්ධනාගාරයේ තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ කාර්යය පිළිබඳව පැහැදිළි කිරීමක් කළේ ය.එහිදී එම බන්ධනාගාරයේ 312ක් පමණ පී.සි.ආර්. පරීක්ෂණ සිදු කළ බවත්වෙනත්
    බන්ධනාගරවලට යැවූ 240 හඳුනාගෙන පරීක්ෂණ සිදු කළ බවත් තවත් රැදවියන් 204ක් පි.සී.ආර්. සිදු කළ බවත් මොවුන් සියලු දෙනා යුද හමුදාව යටතේ පාලනය වන පූනානි නිරෝධායන
    මධ්‍යස්ථානයේ බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් කර තිබෙන බවත් පැවසීය.

    මෙයින් එළියට ගිය 60ක් ද හඳුනාගෙන ඇති අතර ඔවුන් ද දැනට නිරෝධායනය සඳහා යොමු කර තිබේ.මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය සම්බන්ධයෙන් සියලු කටයුතු සිදු කර තිබෙන බවද
    යුද හමුදාපතිවරයා පැවසීය.

    කන්දකාඩු සම්බන්ධයෙන් විවිධ අඳහස් ප්‍රකාශ වන බව කී හමුදාපතිවරයා කන්දකාඩුවලින් වාර්තා වන රෝගීන් යුද හමුදාව මඟින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානයෙන් නොවන බවත්
    මෙම රෝගින් වාර්තා වන්නේ අධිකරණ අමාත්‍යාංශය යටතේ පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජනරාල්වරයකු යටතේ පාලනය වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන
    මධ්‍යස්ථානයකින් බවයි.

    කන්දකාඩු සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශවේන්ද්‍රසිල්වා මහතා සඳහන් කළේ, 450ක් පමණ පී සී.ආර් සිදු කළ බවත් උපදේශනය සිදු කළ කාන්තාවක ඇතුළුව 57ක් හඳුනාගත් බව කීය.මේ
    වනවිට ආසදිත කාන්තාවගේ දෙමව්පියන් මෙන් ම අසල්වැසි නිවැසියන් සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබෙන බව සඳහන් කළේ ය.

    කන්දකාඩුවල පුද්ගලයන් 1141ක් අතරින් 220 හැර ඉතිරි සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ සඳහා භාජනය කළ බවත් කීය.

    මේ අතර රාජංගනය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් වාර්තා වීම සම්බන්ධයෙන් අඳහස් දැක්වූ හමුදාපතිවරයා සඳහන් කළේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශක
    කටයුත්තක යෙදුණ මෙම තැනැත්තා, රාජංගනය යාය 05 ප්‍රදේශයේ සිට තිබෙන බවත් ඔහු මළ ගෙදරකට ද ද සහභාගී වී තිබෙන බවත්ය. මොහු සහ ඔහුගේ දරුවෙකු පොසිටිව් බවට වාර්තා වී
    තිබෙනවා.බිරිද පී සී ආර් පරීක්ෂණයට යොමු කර තිබෙනවා.ඔහුගේ දරුවා පස්වැනි පන්තියේ ඉගෙනුම ලබනවා. එම දරුවා සහභාගී වූ පන්තියක ළමුන් 70ක් මේ වනවිට නිවෙස් තුළ
    නිරෝධායනයට ලක් කර තිබෙනව. එමෙන් ම මළ ගෙදර සහභාගී වූ 150ක් හඳුනාගෙන ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබෙන බවද හමුදාපතිවරයා පැවසීය

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කණ්ඩයම් තුනක් හඳුනාගෙන තිබෙන බව හමුදාපතිවරයා පැවසීය.නිවාඩු ගිය කණ්ඩායම පීසීආර් පරීක්ෂණ සිදු කර තිබේ.උපදේශකයින් ලෙස කටයුතු කළ සියලු දෙනා පීසිආර් සිදු කර නිවෙස්වල නිරෝධායන කර තිබේ.මෙහි රැදවියන් බැලීමට පැමිණි ඔවුන්ගේ පවුල්වල අය 328ක් නිරෝධායනට ලක් කර තිබෙන අතර තවත් 109ක් නිරෝධායනය සඳහා එකතු කරමින් සිටියි.

    කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමඟ විවිධ කටකතා පැතිරීමක් දක්නට ලැබුණු බව කී හමුදාපතිවරයා, එවැනි කටකතාවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය. මේ
    පිළිබඳව කිසිවක් සැඟවීමට නොමැති බව කී හමුදාපතිවරයා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලබා දෙන පුවත් ප්‍රචාරය කරන ලෙස ජනමාධ්‍ය මඟින් ඉල්ලා සිටියේ ය.මේ වනවිට කොවිඩ්
    පාලනය කර තිබෙන රටක් ලෙස ජනතාව ඉතාමත් කැපවීමෙන් කටයුතු කර තිබෙන බව කී හමුදාපතිවරයා, මෙය ජයග්‍රහනයක් ලෙස අවසන් කිරීමට සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදිමින්
    කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ ය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya