අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡායාරූප මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා කිරීමේ සිදු වීම ජනාධිපතිතුමා,අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය හෙළා දකිනවා-අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    ජූලි 11, 2020

    ඡායාරූප මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා කිරීමේ සිදු වීම ජනාධිපතිතුමා,අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය හෙළා දකින අතර මේ සඳහා අවශ්‍ය නීතිමය සහනය ලබාදීමට රජය සෘජුව මැදිහත්වන බවත් කුමන තරාතිරමක කවර අයෙක් වුවත් මාධ්‍ය හැදුනුම්පත නිල වශයෙන් පෙන්වන මාධ්‍යවේදීන්ට තර්ජන ගර්ජන හෝ බිය වැද්දීම් හෝ අනවශ්‍ය  මැදිහත් වීම් කර තිබෙනවා නම් අපක්ෂපාතී පරික්ෂණයක් සිදු කිරීමට ඉල්ලීමක් කර තිබෙන බවත් ජනමාධ්‍ය විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     ජාතික පුවත්පතක ඡායාරූප මාධ්‍යවේදියෙකුට උසාවි භූමියක දී සිය මාධ්‍ය රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම පිළිබඳව අද (11) රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම රජයේ පිළිවෙතයි.ඒ සඳහා අවශ්‍ය නිදහස ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ තහවුරු කොට තිබෙනවා. එවැනි අවස්ථවක මාධ්‍යවේදීන්ට ස්වකීය  රාජකාරිය නිසි ලෙස ඉෂ්ඨ කිරීමට අවශ්‍ය අවශ්‍ය රැකවරණය සළසා දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් රජය වෙනුවෙන් නිල හැදුනුම්පතක් සෑම මාධ්‍යවේදියෙකුට ම නිකුත් කර  තිබෙනවා.
    නිල හැදුනුම්පතට ගෞර්වනීය තත්ත්වය ඇති කරලා, නිදහසේ රාජකාරි සිදු කරන්න එම මාධ්‍ය හැදුනුම්පතක් මඟින් ආවරණයක් ලැබෙනවා. අප මාධ්‍ය හැදුනුම්පතට වැඩි වටිනාකමක් ලබාදීමට  කටයුතු කර තිබෙනවා.
    ඊයේ අවාසනාවන්ත සිදුවීමක් සිදු වී තිබෙනවා. රාජකාරියේ යෙදී සිටින මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කර තිබෙනවා. මා උපදෙස් දුන්නා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ  සම්බන්ධව පොලිස්පතිවරයාට පැමිණිලි කරන්න කියලා.

    මේ වනවිට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. කුමන තරාතිරමක කවර අයෙක් වුවත් මාධ්‍ය හැදුනුම්පත නිල වශයෙන් පෙන්වන මාධ්‍යවේදීන් ට තර්ජන ගර්ජන හෝ බිය වැද්දීම් හෝ අනවශ්‍ය  මැදිහත් වීම් කර තිබෙනවා නම් අපක්ෂපාතී පරික්ෂණයක් සිදු කර අදාළ පාර්ශවයන්ට නීතිය හමුවට පැමිණවීම හා අදාළ විනය ක්‍රියාමාර්ග පොලීසිය තුළ ගැනීමට ඉල්ලීමක් කර තිබෙන බවද  අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya