අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිකඩ බන්ධනාගාර රැදවියාට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුළින් කොවිඩ් ආසාදනය වූවාදැයි සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණ

    ජූලි 10, 2020

    වැලිකඩ බන්ධනාගාර රැදවියාට යම්කිසි ආකාරයට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුළින් කොවිඩ් ආසාදනය වූවාදැයි සොයාබැලීමට මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පරීක්ෂණ සිදුකරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඊයේ (09) දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ ය

    පී සී ආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමත් සමග කන්දකාඩු ප්‍රතිකාර සහ පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවිය හැකි නමුත්, ජනපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ උපදෙස් මත රෝගය සමාජයට පැතිරීම වැළැක්වීමට ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද යුද හමුදාපතිවරයා කියයි.

    වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයා සොයාගැනීමෙන් අනතුරුව බන්ධනාගාර වාට්ටුවේ සිටි සියලු පුද්ගලයන් සහ බන්ධනාගාර නිලධාරීන් පී සී ආර් පරීක්ෂණ සදහා භාජනය කළ අතර, එහිදී බන්ධනාගාරයේ රැදවියන් සහ නිලධාරීන් කිසිදු කෙනෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වූ බව ද පැවසීය.

    කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය අධිකරණ අමාත්‍යංශය යටතේ පවත්වාගෙන යනු ලබන මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් පමණක් ස්ථානගත කර ඔවුන්ව පුනුරුත්ථාපනය කරමින් පවත්වාගෙන යන ආයතනයකි. මීට ප්‍රථම මෙම ස්ථානයට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කොවිඩ් ආසාදිතයන් කිහිපදෙනෙකු තවදුරටත් පුනුරුත්ථාපනය සදහා යොමු කර තිබේ. ඔවුන් මෙම ස්ථානයට යොමු කිරීමට ප්‍රථම පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කර ඇත.

    එම මධ්‍යස්ථානයෙහි උපදේශිකාවක් ලෙස කටයුතු කරන කාන්තාවක් කොවිඩ් ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇත. ඇය නිවාඩු ගොස් සිට ඇති අතර, ඇයව පී සී ආර් පරීක්ෂණ වලට භාජනය
    කිරීමෙන් අනතුරුව ඇය කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත. එම කාන්තාව මාරවිල ප්‍රදේශයේ කාන්තාවක් වන අතර මේ වන විට ඇයගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනය සදහා යොමුකර ඇත. ඔවුන් සදහාද පී සී ආර් පරීක්ෂණ මේ වන විටත් සිදුකර අවසන්ව ඇත.නිවාඩු ගොස් සිටි උපදේශිකාවන් 08 දෙනෙකුද මේ වන විට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya