අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සමුද්‍රීය මූලධර්ම සංග්‍රහයක් නාවික හමුදාව එළිදක්වයි

    ජූලි 10, 2020

    නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සම්පාදනය කරන ලද සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය (Maritime Doctrine of Sri Lanka) එළිදැක්වීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ජුලි 09 දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු විය.

    ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි සංග්‍රහයක් එළිදැක්වීම සිදුවූ අතර, දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය බලයේ ස්වභාවය සහ ජාතික අවශ්‍යතා ඉටුකර ගැනීමට එය යොදා ගතහැකි ආකාරය පිළිබඳ මාර්ගෝපදේශයක් වශයෙන් භාවිතා කිරීමේ හැකියාව පවතී.

    මෙම මාර්ගෝපදේශය එළි දැක්වීමේ උත්සවයේදී අදහස් දැක්වූ නාවික හමුදාධිපතිවරයා විසින් සමුද්‍රීය මූලධර්ම තුලින් රටක සමුද්‍රීය බලය යෙදවීමේ පුළුල් පරාසය හදුනාගැනීමටත් සාගර කළාපයේ ස්ථාවර භාවය පවත්වා ගැනීමටත් මහත් පිටුවහලක් වන බව ප්‍රකාශ කරන ලදි. තවද, මෙයට සමගාමීව නාවික හමුදා වෙබ් අඩවියේ www.navy.lk/doctrine.html යන වෙබ් සම්බන්ධතාවය ඔස්සේ මෙම සමුද්‍රීය මූල ධර්ම සංග්‍රහය නිරීක්‍ෂණය කිරීමේ පහසුකමද අද සිට ආරම්භ කරන ලදි.

    මෙම සංග්‍රහය එළි දැක්වීමේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්‍ෂ ජෙනරාල් වරුන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගිවී සිටින ලදි. තවද මෙම සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය නාවික හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වීම සිදු කරන ලදි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya