මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රේගුව විසින් රාජසන්තක කරන ලද මෝටර් රථ රජයේ ආයතන වෙත නිදහස් කිරීමට අනුමැතිය

    ජූලි 09, 2020

    ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද මෝටර් රථ රජයේ ආයතන වෙත නිදහස් කිරීමට අනුමැතිය ලැබී ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

    ඒ අනුව මෙතෙක් රෙගු අඥා පනතේ 160 වගන්තිය යටතේ රාජසන්තක කරන ලද මෝටර් රථ රෙගු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියම කරන ආකාරයෙන් අපහරණය කළ හැකි වේ. එහෙත් 2010 සැප්තැම්බර් 29 වන දින විශේෂ චක්‍රලේඛයක් මඟින් එම මෝටර් රථ එසේ රජයේ ආයතන වෙත නිෂ්කාශනය කිරීම බැහැර කර තිබේ.


    කෙසේ වුව ද, නැවත වතාවක් ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර ඇති මෝටර් රථ යුධ හමුදාව සහ රාජ්‍ය ආයතන විසින් කරන ලද ඉල්ලීම් මත එකී ආයතන වෙත මුදා හැරීම සඳහා ඊයේ දින (09) මුදල් ඇමති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පත් කළ යෝජනාවට මෙසේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.


    එලෙස මුදාහැරීම් සිදු කිරීමේ දී දැනට රේගු අඥා පනතේ විධි විධාන යටතේ කටයුතු කෙරෙන නඩු කටයුතු වලට සම්බන්ධ වාහන එසේ අපහරණය සිදු නොකෙරෙන බවත්, එකී ආයතනවල ඉල්ලීම පරිදි අදාළ ජනරාල් වරයාගේ ඉල්ලීම මත හා මහා භාණ්ඩාගාරයේ ලේකම් වරයාගේ අනුමැතිය ද සහිත ව එවැනි හඳුනාගත් මෝටර් රථ සඳහා තීරු බදු හෝ බදු නිදහස් කිරීමක් සිදු කිරීමට ද අවශ්‍ය වන බවත් රමේෂ් පතිරණ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya