අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයන අදායම ඉහළ යයි - අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග සාධනීයයි - අමාත්‍ය රමේෂ් පතිරණ

    ජූලි 09, 2020

    විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමෙන් දශක ගණනාවකට පසු ප්‍රථම වතාවට මෙරට ආනයන වියදමට වඩා අපනයන අදායම වැඩි වී ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.
    ඒ අනුව, පෙර වර්වල තත්ත්වයට ම පත්ව ඇති අතර මෙම වසරේ ජුනි මාසය වන විට මෙරට අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,020 ක් වී ඇත. එහෙත් විශේෂත්වය වන්නේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 961 දක්වා පහත ගොස් තිබීමයි.


    ඊට හේතුව වී ඇත්තේ ඉතාම කෙටි කාලයක් තුළ දී COVID -19 වසංගතය හේතුවෙන් මෙරට ඇති ව තිබෙන අර්බුදත් සමඟ සළකා බැලීමේ දී අපනයන අදායම වැඩි කිරිමට රජයේ ආර්ථිකමය දැක්මට අනුව මෙරට දේශීය ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමට රජය ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයක් බවත්, වර්තමාන රජයේ ආර්ථික ප්‍රතිපත්තියත් සමඟ අපනයනාභිමුඛ දේශීය ආර්ථිකයක් නඟා සිටුවීමේ පරමාර්ථයෙන් ඇතැම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට රජය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග සාධනීය වන බවත්, ඒ අනුව මෙරට ආර්ථිකයේ පිබිදීම පිළිබඳව සතුටුදායක බලාපොරොත්තු තබාගත හැකි වන බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සදහන් ක‍ළේය.

    එමෙන්ම, මාස 06 ක් යන තෙක් ආනයන සිමා කරගෙන යන නිසා විවිධ පාර්ශ්වයන්ට ඇතිවන විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදු ව ඇති නිසා අනයන හා අපනයන ක්‍රියාවලියේ දී තමන්ට විශේෂිත වූ ගැටළුවක් තිබේ නම් හා එකී ගැටලුවට මෙතෙක් විසදුමක් ලබා ගැනීමට නොහැකි වූයේ නම් ඒ සම්බන්ධව අඟහරුවාදා දින වල අමාත්‍යාශ වල ලේකම් වරුන්ගෙන් සමන්විත් කමිටුවක් රැස්වන බවත්, අඟහරුවාදා දිනට පෙර එකී කමිටුවට තම ගැටලුව ඉදිරිපත් කළ හැකි බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව ද විශේෂයෙන් සඳහන් කෙරිණි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya