අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන සංරක්ෂණයේ ඉඩම් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමේ තීරණය විවෘත සංවාදයට - ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූලි 09, 2020

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින ළඳු කැළෑ ඉඩම් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පවරා දීමේ යෝජනාව දැන්ම ක්‍රියාත්මක නොකොට ජනතාව අතර විවෘත සංවාදයට භාජනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    දිසාපතිවරුන්ගෙන් බලපත්‍ර ලබාගෙන ගම්බද ගොවීන් විශාල පිරිසක් තම ජීවනෝපාය උදෙසා හේන් ගොවිතැන් කළ ඉඩම් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දීම නිසා අර්බුදයක් හටගෙන ඇත.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාරම්පරිකව ජීවත් වන ගොවීන්ගේ නිවෙස් වටකොට මායිම් සළකුණු කිරීම හා ඉඩම්වල හේන් ගොවිතැන් කිරීම තහනම් කිරීම හේතුවෙන් තමන් පත්වී ඇති දුෂ්කරතාව ජනාධිපතිතුමාට දැනගැනීමට ලැබීමෙන් පසු එම ඉඩම් යළි දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම සහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට තිබුණි.

    එහෙත් ඒ සම්බන්ධයෙන් විවිධ මත පළවීම නිසා ඒ පිළිබඳව අවශ්‍ය තීරණයක් ගැනීමට පෙර විවෘත සංවාදයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya