මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික ස්ථානගත කිරීම - ‘කල්මුණේ’ ශ්‍රී ලංකා නාවික නෞකා ‘දීඝායු’ ලෙස අධිකාරියට පත් කෙරේ

    ජූලි 08, 2020

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගිණිකොණ නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම ‘කල්මුණේ’ ශ්‍රී ලංකා නාවික නෞකා ‘දීඝායු’ ලෙස 2020 ජුලි මස 04 වන දින අධිකාරියට පත් කිරීම නාවික හමුදාධීපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරන ලදි.

     

    2010 වර්ෂයේදී නැගෙනහිර නාවික විධානය යටතේ නාවික අණුඛණ්ඩයක් වශයෙන් ස්ථාපිත කරන ලද මෙම නාවික අනුඛණ්ඩය 2012 ජුලි 30 වන දින ගිණිකොන නාවික විධානය පිහිටුවීමත් සමග නාවික අනුඛණ්ඩ ‘කල්මුණේ’ ගිණිකොන නාවික විධානය යටතේ පරිපාලන සිදු කරන ලදි. පසුව 2018 අගෝස්තු 01 වන දින නාවික අනුකණ්ඩ ‘කල්මුණේ’නාවික ස්ථානගත කරීම ‘කල්මුණේ’ බවට පරිවර්තනය වූ අතර, එහි පළමු නැව් මුළුව නාවික පුද්ගලයින් 190 දෙනෙකුගෙන් සමන්විත විය. එහි පළමු අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් එම්එන්එම් අර්ෂාඩ් රාජකාරී සිදු කරන ලදි.

     

    එලෙස ආර්ම්භ කරන ලද නාවික ස්ථානගතකිරීම ‘කල්මුණේ’ආයතනය 2020 ජුලි මස 04 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ‘දීඝායු’ ලෙස අධිකාරියට පත් කරන ලද අතර, මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු සහ ගිනිකොණ නාවික විධානය භාර ආඥාපති ඇතළු විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරීන් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් සහභාගී වන ලදි. මේ වන විට මෙම ආයතනයතුළ නිලධාරීන් 09 දෙනෙක් ඇතුළුව නාවික පුද්ගලයින් 190 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් කේජීඑන්බී සෙනවිරත්න මහතා රාජකාරී සිදු කරනු ලබයි.

     

    2019 අප්‍රේල 21 වන දින සිදු වූ පාස්කුඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ඉතා සුවිශාල සේවයක් කළ මෙම නාවික ආයතනය ප්‍රදේශයේ අවධානමට ලක්විය හැකි ස්ථාන සහ පොදු දේපල ආරක්‍ෂා කිරීමටත්, ප්‍රදේශයේ සාමය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් සිදු කරන ලදි. එසේම පැය 24 පුරා ක්‍රියාත්මක රේඩාර් නිරීක්‍ෂණ මධ්‍යස්ථානය සහ වෙරළ මුර සංචාරයන් මගින් අවට සාගරයේ ආරක්‍ෂාව ද, ජංගම මුර සංචාර සහ මාර්ග බාධක ක්‍රියාත්මක කිරීම වැනි රාජකාරීන් සිදු කිරීම මගින් ප්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ද සුවිශේෂි දායකත්වයක් ශ්‍රී ලංකා නාවික නෞකා ‘දීඝායු’ ආයතනය මගින් සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya