මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුත්තල කුකුරම්පොළ යපස් නිධිය අනභිබවනීය සම්පතක්- ඉන් රටට ගත හැකි උපරිම ප්‍රයෝජනය ලබා දීම අපේ අපේක්ෂාවයි -අමාත්‍ය විමල් වීරවංශ

    ජූලි 07, 2020

    බුත්තල කුකුරම්පොළ යපස් නිධිය අප රටට සොබාදහම විසින් ලබා දී ඇති අනභිබවනීය සම්පතක් බවත් මෙරට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ඉන් රටට ගත හැකි උපරිම ප්‍රයෝජන ලබා දීම තම අපේක්ෂාව බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    කුකුරම්පොළ යපස් නිධිය ආශ්‍රිත ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

    මීට වසර විස්සකට පමණ පෙර සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ භූගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මෙම බුත්තල කුකුරම්පොළ යපස් නිධිය පිළිබඳව, එහි වටිනාකම පිළිබඳව අධ්‍යයන වාර්තා රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම එම කාලයේ යම් යම් විදේශ ආයතන පැමිණ මෙම නිධිය පිළිබඳ විවිධ පර්යේෂණ සිදු කර ඔවුන්ගේ උනන්දුව පෙන්නුම් කර තිබෙනවා.

    ඒ තොරතුරු අනුව පැහැදිලියි මේ ස්ථානය කියන්නේ ලෝකයේ තිබෙන නොඉඳුල් ප්‍රතිශතාත්මකව වැඩි යකඩ ප්‍රමාණයක් ලබාගත හැකි භූමි ප්‍රදේශයක් බව. මෙය දැනට ගැසට් කොට ඇත්තේ පරිසර අමාත්‍යාංශය යටතේ. නමුත් ප්‍රයෝජනයට ගත හැකි පාෂාණමය ප්‍රදේශයක් මා විශ්වාස කරන හැටියට ගැසට් විය යුත්තේ කර්මාන්ත අමාත්‍යංශය යටතේයි.

    කෙසේ වුවත් අධ්‍යයනයකින් පසුව මා බලාපොරොත්තු වෙනවා අමාත්‍ය මණ්ඩලයට සංකල්පීය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා මේ පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවක් අමාත්‍ය මණ්ඩලයෙන් ලබාගන්න. ඒ වගේම මේ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පිහිටුවා පර්යේෂණයක් සිදු කර ලැබෙන දත්ත සහ දැනට සොයාගෙන ඇති නිවැරදි දත්ත අනුව ඒ කමිටුව ඉදිරිපත් කරන නිරීක්ෂණ සහ නිගමන අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරන්නත් මා බලාපොරොත්තු වෙනවා.


    ඒ නිගමන අනුව ඉදිරිපත් කරන දෙවන කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඉදිරි පියවර අප ගන්නවා. මේ සම්පත සොබාදහම විසින් අපේ රටට ලබාදී ඇති අනභිබවනීය සම්පතක්. ඉන් රටට ගත හැකි උපරිම ප්‍රයෝජනය ගත හැකි ආකාරයට කටයුතු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ගෙන කටයුතු කිරීම මගේ අපේක්ෂාවයි යැයි ද පැවසීය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya