අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බිලට සහන දෙන කමිටු වාර්තාව විදුලිබල අමාත්‍යවරයාට භාර දෙයි

    ජූලි 07, 2020

    කොවිඩ් 19 ඇඳිරිනීතිය පැවති අප්‍රේල් සහ මැයි මාසවල විදුලිබිල වැඩිවී ඇතැයි මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා විසින් පසුගිය සතියේ පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

    එම කමිටු වාර්තාව අද (07) දින පෙරවරුවේ කමිටු සභාපති අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතා විසින් අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබු බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    විදුලි බිලට සහන ලබාදීම සම්බන්ධව කරුණු ගණනාවක් මෙම කමිටු වාර්තාවට ඇතුළත් කර ඇති අතර හෙට (08) දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත එම කමිටු වාර්තාව ඉදිරිපත් කරනු ලබන බවත්, ඉන් අනතුරුව එහි නිර්දේශ සම්බන්ධව අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉදිරි කටයුතු කරනු ලබන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya