මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා මහචාර්යවරුන් සඳහා මහල් නිවාස සංකීර්ණයක්

    ජූලි 06, 2020

    රජයේ විශ්ව විද්‍යාලවල ඉගැන්වීම් කටයුතු සිදුකරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා මහචාර්යවරුන් සඳහා සින්නක්කරව මිළදී ගතහැකි මහල් නිවාස සංකීර්ණයක් කොළඹට නුදුරින් තැනීම සඳහා කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවති මාධ්‍ය හමුවකදී  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ ය.

    වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විට බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැමිණෙන්නේ දුර බැහැර සිට බවත්, එහිදී ඔවුන්ට දුර බැහැර සිට සිය ඉගැන්වීම් කටයුතු සඳහා පැමිණිමේදී බොහෝ අපහසුතාවයන්ට පත්වන බවත්, එමනිසා ඔවුන් උදෙසා යෝජිත මහල් නිවාස සංකීර්ණය කොළඹ, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya