අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොන්දේසි කීපයක් යටතේ සිසුන්ට විශ්වවිද්‍යාල විවෘත කරයි

    ජූලි 06, 2020

    කොන්දේසි කිහිපයක් යටතේ අද (06) සිට විශ්ව විද්‍යාල පද්ධතිය සිසුන්ට විවෘත වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.

    විශ්වවිද්‍යාල වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද(06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍යහමුවට එක්වෙමිණි මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව පසුගිය ජූනි 15 සහ 22 යන දිනයන්හි වෛද්‍ය සිසුන් සහ අවසන් වසර සිසුන්ට විශ්ව විද්‍යාල පද්ධතිය විවෘත වූ අතර අද(07)සිට දෙවන සහ තෙවන වසරවල සිසුන්ට විශ්ව විද්‍යාල පද්ධතිය විවෘත කෙරේ. ඒ අනුව එම කොන්දේසි වලට යටත්ව ඒ ඒ විශ්ව විද්‍යාලයන්ගේ පීඨාධිපතිවරුන්ට සිසුන් ගෙන්වා ගත හැකි බව අමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඒ අනුව විශ්ව විද්‍යාල වල අධ්‍යාපන කටයුතු පහත කොන්දේසි 11 යටතේ ක්‍රියාත්මක විය යුතුය. එනම්,

    1 එක් වරකට විශ්ව විද්‍යාලයකට කැඳවිය හැක්කේ වසර 02ක සිසුන් පමණි . දෙවන වසර හා තෙවන වසර නම් වඩාත් යෝග්‍ය වේ.

    2 නේවාසිකාගාරවල සිටින ළමුන්ට එක් සිසුවෙක්ට එක් කාමරය බැගින් ලබා දීම අනිවාර්ය වේ.නේවාසිකාගාරයේදී,දේශන ශාලා තුළ , ප්‍රායෝගික පන්ති, පුස්තකාල,දේශණාගාර තුළ මීටරයක පරතරය පවත්වා ගැනීම අනිවාර්ය වේ.

    3 විශ්වවිද්‍යාල නැවත ආරම්භයේ දී දේශන හා ප්‍රායෝගික පන්ති අවසන් කර ඍජුවම විභාග සඳහා වෙන්කර ඇති සිසුන්ට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතුය.

    4. විභාග පැවැත් වීමට පෙර පවත්වන ඕනෑම අධ්‍යයන කටයුත්තක් කාලය අඩු කරමින් උපරිමය සති 4කට වඩා වැඩි නොවිය යුතුය.

    5 අවසන් වසරේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ආරම්භ කර හැකි අතර, ඒ සඳහා අදාළ පීඨවලින් උපදෙස් ලබා දිය හැකිය.දන්ත වෛද්‍ය හා ආයුර්වේද අවසන් වසරේ සිසුන්ගේ සායනික පුහුණුව ද ආරම්භ කළ හැකිය.

    6 අධ්‍යයන හා විභාග කටයුතු අවසන් වු වහාම සිසුන් විශ්වවිද්‍යාලවලින් තම පෞද්ගලික නිවාස වෙත පිටවිය යුතුයි.

    7 විශ්වවිද්‍යාල භූමිය තුළ රාත්‍රී 7න් පසුව කුමන හේතුවක් මත සිසුන්ට රැඳී සිටිය නොහැක.

    8 ක්‍රීඩා , සමාජ වැඩ හෝ කුමන හෝ ඒකරාශී වීමක් සඳහා විශ්වවිද්‍යාල සිසුන්ට අවසර නොලැබේ.

    9 සියලූම උපකුලපතිවරුන්ට තමන්ගේ නේවාසිකාගාරවල ඇති පහසුකම් පිළිබඳව මනා සැලකිල්ලක් යොදවා , වරකට විශ්වවිද්‍යාලයට ගෙන්විය යුතු සිසුන් සංඛ්‍යාව පිළිබඳ අධ්‍යයනයකින් පසුව අධ්‍යයන කටයුතු ආරම්භ කළ යුතුය.

    10 උසස් අධ්‍යාපන ආයතන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් මාලාව ඇතුළත් චක්‍රලේඛය තවදුරටත් වලංගු වේ.

    11 විශ්වවිද්‍යාලය සුමටම පවත්වා ගැනීම සඳහා, අවශ්‍ය කරන අධ්‍යයන , අනධ්‍යයන කාර්ය මණ්ඩලය තීරණය කිරීමට උපකුලපතිවරුන්ට බලය පවරා තිබේ.

    ඒ අනුව මෙම කොන්දේසි අනුව විශ්වවිද්‍යාල පද්ධතිය විවෘතව පවතී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ කොවිඩ් වසංගතය රට තුළ ව්‍යාප්ත වීමේ අවධානම නිසා පසුගිය මාර්තු 13 දා විශ්ව විද්‍යාල වසා තැබුණද දුරස්ථ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන ගිය බවත් විශ්ව විද්‍යාල පද්ධතියේ අපිරිමිත ධෛර්ය හේතුවෙන් වෛද්‍ය සිසුන්ගේ අවසන් විභාග පසුගිය ජූනි මස 15 වන දින අවසන් කර සායනික කටයුතු ආරම්භ කිරීමේ හැකියාව ලැබුණු බවයි. අනෙක් රටවල් හා සැසඳීමේදී මෙය විශ්වවිද්‍යාල පද්ධතිය ලැබූ විශාල ජයග්‍රහණයක් බවද ඒ මහතා කීය.

    ප්‍රවේසමෙන් දරුවන් රැක බලා ගතයුතු නිසා මෙම ක්‍රමවේදයට ක්‍රියාත්මක වන ලෙස සියළු උපකුලපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් ඒ අනුව මෙම ක්‍රමවේදය යටතේ විශ්ව විද්‍යාලයක සිසුන්ගෙන්

    30%ක් පමණ එක්වරකදී විශ්ව විද්‍යාලයට පැමිණෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවට උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya