මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

    ජූලි 04, 2020

    ඇසළ පුර පසළොස්වක පොහොය අදට (04) යෙදී ඇත.

    ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම දේශනාව වූ "ධම්මචක්ක පවත්තන සූත‍්‍රය" දේශනා කිරීම යන කරුණු නිසා ඇසළ පොහෝ දිනය ලංකාවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් වේ.

    රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත.

    අපේ විහාරස්ථානවල වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි.

    එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් ලෙස සැලකෙන මහනුවර දළදා පෙරහරත් ඇසළ මාසය තුළ දී සිදු කරනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya