අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළඹෙන ජූලි මස 06 වැනි සඳුදා දින සිට ලංකාවේ සියලු පාසල්, දරුවන් සඳහා විවෘත කිරීමට පියවර

    ජූලි 04, 2020

    එළඹෙන ජූලි මස 06 වැනි සඳුදා දින සිට ලංකාවේ සියලු පාසල්, දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිටත් සියලු පළාත් සහ කලාප බලධාරීන් මෙන් ම පාසල් ප්‍රධානීන් දැනුවත් කර තිබේ.

    සියලු ගුරුවරුන් සවස 3.30 තෙක් පාසලේ රැඳී සිටීම අත්‍යවශ්‍ය නැති බවත් කාලසටහන අනුව නියමිත ඉගෙනුම් කාලපරිච්ඡේද සම්පූර්ණ කිරීම ප්‍රමාණවත් බවත් අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ (02) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිවැරදි ව අනුගමනය කරමින්, ඒ සඳහා පාසල තුළ ගිලන් කාමර, දෑත් සේදීම් පහසුකම් ඇතුළු මූලික පහසුකම් සලසා දීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ යුතු බවට ද, විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත. කිසියම් දරුවකු උණ, කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන් පාසලට නොඑවීමට කටයුතු කරන ලෙස දෙමව්පියන් වෙත ද දන්වා සිටිනු ලැබේ.

    එමෙන් ම, පාසල් විවෘත කිරීම සම්බන්ධ ව යෝජිත ව ඇති විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන මෙම කාලය තුළ පාසල් වෙත ගුරුවරුන් පැමිණීමේ දී තමන්ට නියමිත කාලසටහන් අනුව අදාළ කාලපරිච්චේද තුළ ඉගැන්වීමට පමණක් පාසල තුළ රැඳීම ප්‍රමාණවත් වන බවත්, විදුහල්පතිවරයා විසින් අතිරේක කාර්යයන් පවරා ඇති අවස්ථාවක හැර, සියලු ගුරුවරුන් පාසල් තුළ පස්වරු 3.30 දක්වා රැඳී සිටීම අත්‍යවශ්‍ය නොවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    තව ද, ගුරුවරුන් විසින් පාසලට පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා පවත්වාගෙන යන ලේඛනය හෝ තාවකාලික ව මෙම කාලය සඳහා පවත්වාගෙන යනු ලබන ලේඛනයෙහි නියමිත කාල වේලා අනුව සටහන් තැබිය යුතු අතර, කාලසටහන් අනුව ඒ ඒ ගුරුවරයාට නියමිත කාලච්ඡේදයන් තුළ ඉගැන්වීම් කටයුතු අවසන් කළ පසු පාසලින් බැහැර ව යාමට අවස්ථාව ලබාදිය යුතු බව ද වැඩිදුරටත් දැනුම් දෙයි.

    කොවිඩ් අභියෝගය හේතුවෙන් දීර්ඝ කාලයක් පාසල් වසා තැබීමට සිදු වීම නිසා දරුවන්ගේ අධ්‍යයන කටයුතු වලට සිදු වූ බලපෑම, පිළිබඳ අවබෝධ කරගනිමින් මෙම කාලය තුළ පාසලෙහි වාර විභාග, ක්‍රීඩා තරග හෝ වෙනත් විෂය බාහිර කටයුතු සංවිධානය කිරීමෙන් වළකින ලෙසත්, ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා ම පමණක් පාසල තුළ අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසත් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියි.


    පාසල් ආරම්භ කිරීම අදියර 04ක් යටතේ සිදු කරන අතර එහි පළමු අදියර යටතේ විදුහල්පති, ගුරුවරු ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පසුගිය 29 වැනිදා පාසල් විවෘත විය. එළඹෙන ජූලි මස 06වැනි සඳුදා පාසල් විවෘත වන්නේ 13,11 සහ 5 ශ්‍රේණි වල සිසුන් සඳහායි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya