අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බිලට සහන දෙන්න යෝජනා ඉදිරිපත් කීමට සිවු පුද්ගල කමිටුවක් පත් කරයි  

    ජූලි 03, 2020

    කොවිඩ් 19 නිසා පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු, අප්‍රේල් මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් (01) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පෙන්වා දුන් කරුනු අනුව ජනාධිපතිතුමා විසින් දී ඇති උපදෙස් පරිදි විදුලිබල හා බළශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අදාළ නිර්දේශ ලබා දීම සඳහා සිවු පුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

    මෙම කමිටුවේ සභාපතිත්වය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතා උසුලන අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඇතුලු ලංකා විදුලි බල මණඩලයේ නිලධාරින් තිදෙනෙකු ද එම කමිටුවට ඇතුළත් කර තිබේ.

    මෙම කමිටුව සිය අදහස් හා යෝජනා ලබන සඳුදා වනවිට ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් උපදෙස් දී ඇත. අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට එම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya