මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නිලධාරී මණ්ඩලය පත්කිරීමට අනුමැතිය හිමිවෙයි

    ජූලි 03, 2020

    නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරී මණ්ඩලය පත්කිරීමට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

    පසුගිය කාලපරිච්ඡේදය තුළ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මහාචාර්ය ආර්, යූ හල්වතුර මහතාගේ නායකත්වයෙන් ඉතා ක්‍රියාශීලී ආයතනයක් බවට පත්වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පාසල් ශිෂ්‍යයන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ විවිධ අංශ වල සිටින වෘත්තිකයන් හා අත්හදාබලන්නන් විසින් සිදුකල විවිධාකාරයේ නවෝත්පාදන රාශියක් සදහා තම රජයට පසුගිය වකවානුව තුළ උදවු කිරීම සදහා ඉඩ ප්‍රස්ථාව හිමිවූ බවයි.

    විශේෂයෙන්ම කෝවිඩ් 19 වසංගත අවස්ථාවේදී එම රෝග නිරෝධායනයට මෙන්ම වෙනත් විවිධ ක්ෂේත්‍ර සදහා අවශ්‍ය වන වෛද්‍ය උපකරණ සහ අනෙකුත් ද්‍රව්‍ය බොහෝමයක් නව නිපැයුම් ලෙස ඉදිරිපත් වුණ අතර සමහර නව නිපැයුම් සදහා විදේශීය ඇණවුම් ලබාගැනීමටද ඉඩ ප්‍රස්ථාව හිමි විය.


    අමාත්‍යවරයා පවසන පරිදි, (01) දින හුණුපිටිය ගංගාරාම ජිනරතන කාර්මික විද්‍යාලය සමග ඒකාබද්ධව කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ඇතිවී ඇති නව නිපැයුම් පිළිබදව ප්‍රදර්ශනයක් පවත්වා ඇත. ඒ අනූව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විශාල නවෝත්පාදන සිදුකරන තරුණ සහ ව්‍යවසායකයන් විශාල පිරිසකට මූල්‍යාධාර ලබාදෙමින් ඒවා වාණිජ මට්ටමට ගෙනයාම සදහා වැඩි ප්‍රයත්නයක් දරමින් කටයුතු කරයි. නවෝත්පාදන ඉතිහාසයෙහි වැඩිම පිබිදීමක් මෙම වකවානුව තුළදී සිදුවී ඇති අතර, ඒ සදහා දායකත්වය සැපයූ ඉංජිනේරු මහාචාර්ය ආර්. යූ. හල්වතුර මහතාට මැතිවරණය නිමවන තෙක් කොමසාරිස් ධූරයෙහි වැඩබැලීම සදහා අවස්ථාව ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසුවේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya