අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි කලාපයේ රජයේ අවශේෂ කැලෑ ඉඩම් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යළි පැවරීමට පියවර

    ජූලි 02, 2020

    වියළි කලාපයේ රජයේ අවශේෂ කැලෑ වශයෙන් සලකනු ලබන ඉඩම් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යළි පැවරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දින (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය නොකරන ලද ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ පාලනය වෙමින් පැවති රජයේ අවශේෂ කැලෑ වශයෙන් හදුන්වන ලද ඉඩම් වල පාලනය එවකට වන සම්පත් හා පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් නිකුත් කරන ලද 2001-08-10 දිනැති අංක 05/2001 චක්‍රලේඛයේ විධිවිධාන පරිදි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කර ඇත.

    එම චක්‍රලේඛයේ විධිවිධාන පරිදි එම ඉඩම් කිසියම් වෙනත් පරිහරණ කටයුත්තක් සදහා යොදාගත යුතු වන්නේ නම් ඒ සදහා දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බැවින් එකී අවශේෂ කැළෑ වල හේන් ගොවිතැන් වැනි කටයුතු වල යෙදෙන ගොවීන් දැඩි දැඩි අපහසුතාවයන්ට පත්වී ඇත. එමෙන්ම එම ඉඩම් ආර්ථික වශයෙන් ඵලදායී කාර්යයන් සදහා යොදාගැනීමට බාධාවක් වී ඇත.

    මෙම කරුණු අමාත්‍ය මණ්ඩලයේ කතාබහට ලක්වූ බවත්, මේ පිළිබදව කරුණු සොයා බලා අදාල ඉඩම් වනජීවී කටයුතු වලට හානියක් නොවන පරිදි එම ඉඩම් වල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් තාවකාලිකව වෙනත් කටයුතු සදහා යොදාගැනීමට හැකි වන පරිදි ඒ සදහා වන බලතල දිස්ත්‍රිකි ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා දීම සදහා සුදුසු ක්‍රමවේදයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස පරිසර සහ වනජීවී සම්පත් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya