අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිය හොරෙන් ගත් 1937කට නඩු

    ජූලි 02, 2020

    විදුලිය නීති විරෝධීව ලබා ගන්නා පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනිම සඳහා සිදු කරන වැටලීම් වැඩි කරන්නැයි විදුලි බල බල ශක්ති හා ප්‍රවාහණ කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබිනි.


    ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිය විමර්ශන කන්ඩායම් හා පොලිසිය සමග එක්ව හොරෙන් විදුලිය ලබා ගන්නා පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් අරඹා තිබේ.


    ඒ් අනුව පසුගිය වසරේ මැයි මාසයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා කාලය තුළ හොරෙන් විදුලිය ලබා ගත් පුද්ගලයින් 1937 දෙනෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දු මත දඩමුදල් වශයෙන් රුපියල් මිලියන 59ක් අය කර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    මේ අතර විවිධ පුද්ගලයින් වාර්ෂිකව හොරෙන් විදුලිය ගැනීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට අහිමි වන මුදල රුපියල් මිලියන 100 ඉක්මවන බව ද වාර්තා වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඇතැම් පුද්ගලයින් වැඩිපුරම විදුලිය හොරකම් කරන්නේ වගාවන්ට හානි කරන සතුන් පළවා හැරීමට බව පෙනී ගොස් තිබේ. එමෙන්ම ඇතැම් පුද්ගලයින් තම ව්‍යාපාරික ස්ථානයකට නිත්‍යානුකූලව ලබා දී ඇති විදුලිබලය වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා ද භාවිතා කරන බව පෙනී ගොස් තිබේ.


    නීති විරෝධි ලෙස විදුලිය ලබා ගැනීමට යාම නිසා සහ විවිධ හේතුන් මත විදුලි සැර වැදීමෙන් වාර්ෂිකව පුද්ගලයින් 100-150 දක්වා මියයන බව ද පෙනී ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya