මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධයා නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරි සංකීර්ණය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරේ

    ජූලි 01, 2020

    බෞද්ධයා නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරිය සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ.

    ( 30) පෙරවරුවේ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථාන භූමියේ දී සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතින් අග්‍රාමාත්‍ය වරයා විසින් නව ගුවන් විදුලි මැදිරි සංකීර්ණය විවෘත කරනු ලැබීය.

    බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ දහතුන් වන සංවත්සරය නිමිති කොටගෙන විශේෂ ආගමික වැඩසටහන් රැසක් අද දිනයේ සම්බෝධි විහාරස්ථානයේ දී සිදුකරනු ලැබීය.
    අග්‍රාමාත්‍ය වරයා මෙහිදී ශ්‍රී සම්බෝධී විහාරයේ සර්වඥ ධාතු මන්දිරය වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත් අතර අභිනවයෙන් විවෘත කෙරුණු ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ දී ප්‍රථම වරට අග්‍රාමාත්‍ය වරයාගේ සම්මුඛ සාකච්ඡාවක් පටිගත කරනු ලැබීය.

    එහි දී කෙටි පිළිසඳරක යෙදුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිර්මල බුදුදහම පැතිරවීම සඳහා බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම නායක හිමිපාණන්වහන්සේ කළ සේවය සිහිපත් කළේය.

    මෙම අවස්ථාවට බෞද්ධයා රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඥාන හිමි, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා,වෛද්‍ය හර්ශ අලස් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya