අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු අදියර යටතේ පාසල් අද සිට ආරම්භ වේ

    ජූනි 29, 2020

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම හමුවේ වසා දැමුනු පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර අද සිට (29) ආරම්භ වේ.

    පාසල් ආරම්භ කිරීම අදියර 04ක් යටතේ සිදු කෙරෙන අතර හෙට දිනයේදී සියලුම පාසල්වල විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු,ගුරුවරු, පාසල් කළමනාකරණ මණ්ඩල, සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට පැමිණිය යුතුය.

    හෙට සිට ජූලි 05 වනදා දක්වා පාසල් පරිශ්‍රය තුළ විෂබීජහරණය , පිරිසිදු කිරීම්, කාලසටහන් සකස් කිරීම් ඇතුලු පාසල් ආරම්භයට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදුන් චක්‍රලේඛය සහ මාර්ගෝපදේශයට අනුව පාසල් ඇරඹීමට සූදානම් විය යුත්තේ කෙසේද යන්න පිළිබදව මීට පෙර පළාත් 9ටම ගොස් එහි විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය සමග සාකච්ඡා කරමින් ඔවුන් දැනුවත් කර තිබේ.

    පාසල් ආරම්භ කිරීමෙන් පසු ක්‍රීඩා ඇතුළු අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් නවතා සම්පූර්ණ කාලය අධ්‍යයන කටයුතු වෙනුවෙන් පමණක් යෙදවිය යුතු අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු
    මෙම සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යා යුතු වේ.

      අද දිනයේදී පාසල් කිහිපයක් නිරික්ෂණය සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද එක්වීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya