අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ සුරක්ෂණ අරමුදලට මුදලක් පරිත්‍යාග

    ජූනි 28, 2020

    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මඟින් කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ සුරක්ෂණ අරමුදලට ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළ අතර, එම මුදල ( 26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමනු ලැබීය.


    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සේවකයින් සහ නිලධාරින් විසින් පරිත්‍යාග කරන ලද එම මුදල අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් එම සංගමයෙහි ප්‍රධාන ලේකම් ඊ.එම්.එච්.බී මොරගස්වැව මහතා, ඉදිරියේ දී කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ සුරක්ෂණ අරමුදලට තවදුරටත් මුල්‍යමය පරිත්‍යාග සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.


    තවද HDFC බැංකුවේ සේවකයින් සහ නිලධාරින් විසින් කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ සුරක්ෂණ අරමුදලට ලබාදීම සඳහා රුපියල් මිලියන 1.2ක මුදලක් ඊයේ දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණි

    .
    HDFC බැංකුවේ සභාපති වසන්ති මංචනායක මහත්මිය සහ සාමාන්‍යාධිකාරී පාලිත ගමගේ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya