අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සොයාබැලීමට කොමිසමක්...

    ජූනි 27, 2020

    පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මඟින් අවිධිමත් ආකාරයෙන් ලබා දුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත්කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය (Ceylon Bank Employees’ Union) සිදු කළ ඉල්ලීමට අනුව හැකි ඉක්මණින් එම කොමිසම පත් කරන බව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


    ලංකා බැංකු සේවක සංගමය (Ceylon Bank Employees’ Union) සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ( 26) දින අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේ දී මෙම ඉල්ලීම සිදුකරනු
    ලැබීය.

    මෙහිදී රාජ්‍ය බැංකුවල පවතින ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමඟ දීර්ඝව සාකච්ඡා කරන ලදී. එසේම රාජ්‍ය බැංකුවල දැනට සේවයේ යෙදී සිටින සේවකයින් විශ්‍රාම යාමේ දී විශ්‍රාම වැටුප් පිළිබඳව වූ ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ අතර එහිදී ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සහ විසඳුම් ලබා දීම කමිටුවක් හරහා ඉක්මනින් සිදුකිරීමට අගමැතිවරයා තීරණය කළේය.

    රාජ්‍ය බැංකුවල 2019 වර්ෂයට අදාළව මෙතෙක් ලබා නොදුන් දිරි දීමනා පාරිතෝෂිකය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ මුල්‍ය අර්බුදය ද සැළකිල්ලට ගනිමින් එම දිරි දීමනාව රාජ්‍ය බැංකු සේවකයින්ට ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතාට උපදෙස් ලබා දුන්නේය.

    රාජ්‍ය බැංකුවල පවතින ඉහළ කළමණාකාරිත්වයේ පරිපාලන ගැටලු සම්බන්ධයෙන් ද ලංකා බැංකු සේවක සංගමය (Ceylon Bank Employees’ Union) විසින් කරුණු දැක්වූ අතර අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන ලෙසයි.

    මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.එස් අතුල කුමාර මහතා, වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ මහතා, ලංකා බැංකු සේවක සංගමයේ (Ceylon Bank Employees’ Union) සභාපති චන්න දිසානායක මහතා ඇතුළු එම සංගමයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya