අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ විදුලිබල සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමරිකා එක්සත් ජනපද රජයේ තාක්ෂණික සහයෝගය

    ජූනි 26, 2020


    ශ්‍රී ලංකාවේ විදුලිබල සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමරිකා එක්සත් ජනපද රජයේ තාක්ෂණික සහයෝගය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි Alaina B. Teplitz මහත්මිය පවසයි.

    ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වල දී ඇමරිකා එක්සත් ජනපද රජය සෑම විටම සහයෝගය දක්වන බවත් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය ඇතුලු විදුලිබල සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමරිකා ඒක්සත් ජනපද රජයේ තාක්ෂණික සහයෝගය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි Alaina B. Teplitz මහත්මිය පැවසුවාය.

    Alaina B. Teplitz මහත්මිය එසේ ප්‍රකාශ කළේ ඊයේ (25) විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිල වශයෙන් හමු වී සාකච්ඡා කළ අවස්ථාවේය. මෙම හමුව අමාත්‍යවරයාගේ නිල නිවසේ දී පැවත්විනි.මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා 2023 වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාව ඉක්මවමින් විදුලිබලය නිපදවීමට අවශ්‍ය වැඩ පිළිවෙළ තමන්

    ආරම්භ කර ඇති බව කීවේය. ඒ යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය ඇතුලු විදුලිබල සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගෙන තිබේ. නොරොච්චෝල නව ගල්අගුරු බලාගාරය පරිසර හිතකාමි ලෙස නව තාක්ෂණය යටතේ ඉදි කිරීමට යෝජිතය.

    එමෙන්ම මෙම වසර අවසන් වනවිට උමාඔය, මන්නාරම සුළං බල ව්‍යාපෘතිය, බ්‍රෝඩ්ලන්ඩ් හා යාපනය සූර්ය බල ව්‍යාපෘති විවෘත කිරීමට නියමිතය. එසේම 2023 වනවිට ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට යෝජිත නව ගල්අගුරු බලාගාර හා ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය ඇතුලු විදුලිබල සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මහජනතාවගේ විදුලි බිල අඩු කීරීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා කීය.

    මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි Alaina B. Teplitz මහත්මිය කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික සහයෝගය ලබා දීමට තම රට සූදානම් බවයි. එපමණක් නොව දැනට අප රටේ නාගරිකව පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහාත් ඒ සඳහා යොදා ගත හැකි නව තාක්ෂණය හඳුන්වා දීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කළ හැකි බවත් සඳහන් කළාය.

    ශ්‍රී ලංකාව සමග දීර්ඝකාලයක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය සහයෝගයෙන් කටයුතු කර ඇති බවත්, තවදුරටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට තම රටේ උපරිම සහයෝගය ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කළාය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya