මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පානීය ජලය සැපයීමට අවශ්‍ය නල ජල පහසුකම් වැඩිකිරීම රජයේ ප්‍රමුඛතාවයයි - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    ජූනි 26, 2020

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන පානීය ජලය සැපයීමට අවශ්‍ය නල ජල පහසුකම් වැඩිකිරීම රජයේ ප්‍රමුඛතාවය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මීට වසර කිහිපයකට පෙර ලංකාවේ ජනතාවට අවශ්‍ය විදුලි බලය සියයට සීයක් දක්වා සම්පූර්ණ කිරීමට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කටයුතු කළ අයුරින්ම වත්මන් රජයේ ප්‍රමුඛ කාර්යයක් වශයෙන් සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානීය ජලය නල මගින් මෙම රටේ ජනතාවට ලබාගැනීම සදහා අවශ්‍ය ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    ඒ සදහා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට රුපියල් බිලියන 30ක මුදලක් ලබාගැනීම සදහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීමට සහ එම ඇපකර රාජ්‍ය බැංකු හරහා නිකුත් කිරීමට අවශ්‍ය වන ප්‍රතිපාදන සලසාගැනීමට උපකාරී වන කැබිනට් අනුමැතිය ලැබුණු බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya