අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට නිෂ්පාදිත එතනෝල්වල ගුණාත්මකභාවයේ කිසිදු අඩුපාඩුවක් නෑ- සිදු කරන ප්‍රචාර ව්‍යාජයි- අමාත්‍ය රමේෂ් පතිරණ

    ජූනි 25, 2020

    ඇතැම් පිරිස් ලංකාවේ නිපදවන එතනෝල්වල ගුණාත්මකභාවය පිළිබඳව ව්‍යාජ ප්‍රචාර සිදුකරමින් සිටින අතර එහෙත් මෙරට නිෂ්පාදිත එතනෝල්වල ගුණාත්මකභාවයේ කිසිදු අඩුපාඩුවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

    දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම තම රජයේ ප්‍රතිපත්තිය බව පැවසූ අමාත්‍යවරයා රජය සතු ආයතන වන සෙවණගල සහ පැලවත්ත සීනි කර්මාන්ත ශාලා මගින් නිපදවෙන එතනොල් මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් බැවින් එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළ බවත් මෙතෙක්කල් පාඩු ලබමින් තිබූ එම ආයතන වලින් මේ වන විටත් ලාබ ලබන බවද පැවසීය.

    එතනෝල් ආනයනය සීමා කිරීම තුළ එම ආයතනවල සේවය කරන උක් ගොවීන් 50,000ගේ පමණ රැකියා සුරක්ෂිත වූ බවත් ඉදිරි වසර තුළ එම ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීමේ හැකියාව පවතින බවද කීය.

    තවද, තහනම නොතකා මෙරටට ගෙනා එතනොල් විශාල ප්‍රමාණයක් වරායේ රඳවාගෙන ඇති බවත් ඇතැම් පුද්ගලයන් වෙනත් ඛේත අංක හරහා එතනෝල් මෙරටට ගෙන්වන අතර ඉදිරියේදී එය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya