මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්මිරිස් අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීම සඳහා වන දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්

    ජූනි 25, 2020

    ගම්මිරිස් අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීම සඳහා වන දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ආරම්භ කරන ඒ අනුව ගම්මිරිස් අමුද්‍රව්‍යයක් වෙනුවට විවිධ නිෂ්පාදන ලෙස ලෝක වෙළඳපොලට යැවීමටත් ගම්මිරිස්වලින් නිස්සාරණය කරන පයිපරසින් වැනි ස්වභාවික රසායිනික නිෂ්පාදනය කිරීමටත් කටයුතු කර ඇති බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රෙය් අද(25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යව්දියකු විසින් ගම්මිරිස් ගොවින්ට ඇතිවී තිබෙන ගම්මිරිස් මිළ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මෙම වසරේ ගම්මිරිස් ඵලදාව ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත්, එම නිසා ඉන්දියාව වියට්නාමය වැනි රටවලින්ද ගම්මිරිස් මිළදී ගෙන ඇති බවත්, ඉන්දියාව මෙරට ගම්මිරිස් ප්‍රධාන ගැනුම්කරුවකු වන නිසා එය ගම්මිරිස් අපනයනයට දැඩි ලෙස බලපා ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මෙරටට ගම්මිරිස් අපනයනයේදී තීරුබදු රහිතව අපනයනය කළ හැක්කේ ගම්මිරිස් මෙට්‍රික් ටොන් 2500 ක් පමණක් බවත් ඉන්, පසුව කෙරෙන අපනයනයන්හිදී මිළ යම් ප්‍රමාණයකින් අඩු වන බවත් රමේෂ් පතිරණ මහතා පැවසීය.
    එමනිසා ඉදිරියේදී රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ඇති බවත්, එය නිසි ලෙස ක්‍රියාත්මක වීමට වසර දෙකකට වැඩි කාලයක් අපේක්ෂිත බවත් ඉන් අනතුරුව ගම්මිරිස් මිළ ඉහළ යනු ඇති බවත්,අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya