මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිනමා ශාලා යළි ඇරඹීමට පියවර - විශේෂ සාකච්ඡාවක් හෙට අගමැති ප්‍රධානත්වයෙන් - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    ජූනි 25, 2020

     

     

    ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීම හේතු කොට ගෙන තාවකාලික ව නවතා දමා තිබූ
    හෙළ සිනමා කර්මාන්තය යළි ආරම්භ කිරීමට අවශ්‍ය විධිවිධාන ගෙන ඇති බවත්, ඒ අනුව ජූලි මස 02 වන දින සිට
    නැවත සිනමා ශාලා ආරම්භ කිරීමට පියවර ගනු ලබන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්යය බන්දුල
    ගුණවර්ධන මහතා අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය
    හමුවේ දී කියා සිටියේය.

    මෙරට වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට පෙර තිබූ වේදිකාව, කලා රසාස්වාද වැඩසහටහන් මෙන්ම සිනමා
    කර්මාන්තය යන ක්ෂේත්‍රයන් පසුගිය කාලය පුරාවටම තාවකාලිකව නවතා දමා තිබුණි. එහෙත් එලෙස නවතා
    දැමීම නිසා කලා ක්ෂේත්‍රයෙහි නිරත වූ කලා කරුවන් විශාල පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට ලක්ව සිටියහ.
    ඒ අනුව, ජූලි 02 වන දින සිට ආරම්භ කෙරෙන සියලුම සිනමා ශාලා වලට 50% පමණක් වූ ආසන පහසුකම් ලබා දීමට
    කටයුතු කෙරෙන බවත් මෙහි දී සඳහන් කෙරුණු අතර එම ආසන පහසුකම් ඉදිරියේ දී වැඩි කිරීමට අවශ්‍ය තීන්දු
    තීරණ ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ඡාවක් සිනමා ශිල්පින් සහ එකී විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය
    මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) පැවත්වෙනු ලබන බව ද අමාත්‍යවරයා විසින් මෙහි දී
    වැඩිදුරටත් සඳහන් කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya