අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබිල්පත් ගෙවීම සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලය කරුණු පැහැදිලි කරයි

    ජූනි 25, 2020

    විදුලි බිල්පත් ගෙවීම පිළිබඳව පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබුනි.


    ඒ අනුව 24 දින පැවැති මාධ්‍ය හමුවක දී ඒ සම්බන්ධව කරුණු පැහැදිළි කරන ලෙස අමාත්‍යවරයා ලංකා විදුලි බල මණ්ඩලයට ප්‍රකාශ කළේය.

    ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරින් ප්‍රකාශ කළේ විදුලි බිල්පත් සම්බන්ධව මහජනතාව අතර අනවබෝධයක් පවතින හෙයින් එම ගැටළුකාරි තත්ත්වය උද්ගත වී ඇති බවයි. පෙබරවාරි මාසය හා ඊට පෙර මාස වලට සාපේක්ෂව, කොවිඩ් 19 ඇඳිරි නීතිය පැනවීම නිසා මාර්තු, අප්‍රේල් හා මැයි මාසවල ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ යාමත්, මාර්තු හා අප්‍රේල් මාස වල නිකුත් කළ ඇස්තමේන්තු බිල්පත් නිසාත් විදුලි ගාස්තු සම්බන්ධව ගැටලුවක් පැන නගින්නේ මැයි මාසයේ දී නිවැරදි බිල්පත් නිකුත් කිරීම නිසාය.


    අවසානයට නිකුත් කරන ලද බිල්පත නිවැරදි වන අතර එහිදී බැලු බැල්මට වැඩි ගාස්තුවක් අය කර ඇති බව පෙනී ගියත්, බිල්පත් ගාස්තු අයකර ඇත්තේ භාවිතා කළ විදුලි ඒකක ගණන සඳහා පමණක් බව ඔවුහු අවධාරණය කළේය.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ සෑම විදුලි පාරිභොගිකයෙක් උදෙසාම විදුලි ගිනුමක් විදුලි බල මණ්ඩලය සතුව පවතින හෙයින් ඔවුන් ගෙවන මුදල් බැර වන්නේ එම ගිනුමට බවයි. එමනිසා කිසියම් අයෙක් වැඩිපුර ගාස්තුවක් ගෙවා තිබුනත්, එම ගාස්තුව ඔහුට යළි අයකර ගත හැකිය. එසේත් නොවන්නේ නම් ඊලග මාසයේ බිල්පතෙන් එම වැඩිපුර මුදල අඩු කිරීමට පියවර ගැනේ. එමනිසා විදුලි බල මණ්ඩලයට ගෙවනු ලබන මුදල කිසිසේත්ම අපතේ නොයන අතර ඒවා අදාල ගිනුම් හිමියාගේ ගිනුම තුළ තැම්පත් වේ. එසේම විදුලි ගාස්තු අය කෙරෙනුයේ භාවිතා කල විදුලි ඒ්කක ප්‍රමාණයට පමණි.

    මාර්තු හා අප්‍රේල් හා මැයි මාසවල බිල්පත් ගෙවීම ප්‍රමාද වුවද ඒසඳහා ප්‍රමාද ගාස්තුවක් අය නොකෙරේ. මේ අතර දැනට රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් ජුනි මාසයේ විදුලි බිල් ගෙවීම සාමාන්‍ය පරිදි කළ හැකිය.

    ලංකා විදුලි බල මණ්ඩලයට මුදල් අයවීමේ දී අප්‍රේල් මාසය තුළ විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 50ක්ද, මැයි මාසයේ දී සියයට 65ක්ද, හා ජූනි මාසය වනවිට සියයට 90කට වඩා වශයෙන් බිල්පත් ගෙවා තිබේ. කොවිඩ් 19 පැවැති කාලය තුළ බිල්පත් ගෙවා ගත නොහැකි වු පුද්ගලයින්ගේ විදුලි විසන්ධි කිරීමක් නොකළ ද, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලිය විසන්ධි කිරීමට පියවර ගන්නා බවත් විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේය.
    මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ලංකා විදුලි බල ඹණ්ඩලයේ සභාපති වීජිත හේරත් මහතා ද සහභාගි වී සිටියේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya