මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයිකා ආයතනයේ සහන ණය යටතේ ඉදිකිරීමට නියමිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු මග නතර වී නෑ

    ජූනි 24, 2020

    ජයිකා ආයතනයේ සහන ණය යටතේ ඉදිකිරීමට නියමිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු මග නතර වී නොමැති බවත්, එය මුල් ව්‍යාපෘතියෙන් යම් වෙනසක් සිදුවීමෙන් අනතුරුව සිදු කිරීමට සූදානම් බවත්, නාගරික සංවර්ධන හා ජල සම්පාදන සහ  නිවාස නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම මහතා පවසයි.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.

    මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජපානයෙන් විදේශ උපදේශන සේවාවක් ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වන ඇ.ඩො. මිලියන 130ක ගිවිසුමක් පවතින බවත්, ඊට අමතරව මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තුගත මුදල ඇ.ඩො. බිලියනක 2.2කට ආසන්න මුදලක් බවත්, මෙම මුදලින් ඇ.ඩො. බිලියන 1.8ක් ඇමරිකානු රජයේ ආධාර බවත්, ඉතිරි මුදල් ශ්‍රී ලංකා රජය විසින් ආයෝජනය කිරීමට දැනට සැළසුම් කර තිබෙන බවත්, ලේකම්වරයා පැවසීය.


    මේ වන විට මෙම ව්‍යාපෘතියේ මුලික සැළසුම් සියල්ලම පාහේ අවසන් කර තිබෙන බවත්, මෙම දුම්රිය ගමන් කරන නිවැරදිම මාර්ගය ලකුණු කර ඇති බවත්, මෙහි භු විද්‍යා සමීක්ෂණ කටයුතු කර තිබෙන බවත්, පරිසර අධ්‍යයනය වාර්තාව සකස් කර තිබෙන බවත්, ව්‍යාපාරික වාර්තා සැළසුම් කර තිබෙන බවත්, එසේ වුව ද මේ ව්‍යාපෘතියේ හඳුනාගත් ගැටලු කීපයක් තිබෙන හෙයින් යම් ප්‍රමාදයක් ඇතිවී තිබෙන බවත්, ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.


    මෙම ව්‍යාපෘතියේදී මාළඹේ ප්‍රද්ශයේ ඉදිකිරීමට නියමිත දුම්රිය අංගනය ඉදිකිරීමේදී වියදම් වන මුදල ඉතාමත් අධික වන බවත්, එය වගුරු බිමක කොන්ක්‍රිට් තට්ටුවක් මත ඉදිකිරීමට කටයුතු කර ඇති බවත්, ඊට වඩා අඩුමුදලකට සාමාන්‍ය භූමිය මත ඉදිකළහොත් වැයවන මුදලින් අතුරුගිරිය දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට හැකියාවක් තිබෙන බවත්, ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි.

    එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා ලබාගන්නා ණය මුදල වෙනත් ඵලදායී ව්‍යාපෘතියක් සඳහාද යොදාගත හැකි දැයි සළකා බලන බවත්, එම නිසා පෞද්ගලික ආයෝජකයන්ද ගෙන්වාගෙන මෙම ව්‍යාපෘතිය සමඟම වෙනත් ව්‍යාපෘති කිහිපයක්ද පටන්ගැනීමට ඇති හැකියාව සොයාලබන බවත් ලේකම්වරයා පැවසීය. මෙම ව්‍යාපෘතිය නැවැත්වීමක් සිදුවුවහොත් විශාල වන්දි මුදලක් ගෙවීමට සිදුවන බව පැවසෙන පුවත් සහ වාර්තා අසත්‍යයක් බවත් එවැනි සිදුවීමකට මුහුණ දීමට සිදු නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya