අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඔ නගරයේ රැදි සිටින ජනතාව සඳහා කුලී පදනම යටතේ නිවසක්-කොළඹ නගරයේ වාහන අංගන 11ක් -රටේ සෑම නගරයකට ම සැලැස්මක්

    ජූනි 24, 2020

    රැකියා සඳහා කොළඔ නගරයේ රැදි සිටින ජනතාව සඳහා කුලී පදනම යටතේ නිවසක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා ජල සම්පාදන සහ  නිවාස නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම මහතා පවසයි.

    අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී ලේකම්වරයා බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු ලේකම්වරයා,

    මේ යටතේ වැඩි වශයෙන් රාජ්‍ය හා පේද්ගලික ආයතන පවත්වාගෙන යන ප්‍රදේශවල මෙම නිවාස ඉදිරිකිරීමට සැලසුම් කර ඇති බවත්, රැකියා ස්ථානයට පයින් ගමන් කිරීමේ පහසුකම ඉන්  ලැබෙන බවත් කීය.

    එසේම කොළඹ නගරයේ ස්ථාන 11 ක වාහන නැවැත්විම සඳහා වාහන අංගන 11ක් ඉදි කිරීමට ද සැලසුම් කර ඇතැයි ද පැවසීය.

    මේ රටේ සෑම නගරයකට ම අවශ්‍ය සැලැස්ම මේ වන විට අපි සකස් කිරිම ආරම්භ කර තිබෙනවා එහිදී සැම නගරයක ම හරිත ආවරණයන් රැක ගනිමින් ඒ නගරයට ආවේනික දේවල් රැක  ගනිමින් නගර නිර්මාණ කිර්ෆීමට බලාපොරොත්තු වෙනවා. රටේ නව නගර 4ක් දියුණු කර, ප්‍රධාන නගර 10 සංවර්ධනය කර , අනෙකුත් නගර දියුණු කරලා ප්‍රධාන නගර එක්ක පොකුරු  ගම්මාන නිර්මාණය කරමින්, නාගරික තදබදය අවම කිරීම මෙම ව්‍යාපාති වලින් බලාපොරොත්තු වෙනවා.

    ඊට අමතරව නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ,ක්‍රියාත්මන වන අඩු ආදායම් ලාභින්ගේ නිවාස ව්‍යාපෘතිය යටතේ 2011 දි නිවාස 20,000ක් ලබා දි තිබෙන බවත් ඉදිරි වසර 05 තුළ නිවාස  40,000ක් ලබා දිමට පියවර ගන්නා බවත් එමඟින් කොළඔ නගරය පැල්පත් රහිත නගරයක් බවට පත් කරන බවද ලේකම්වරයා සඳහන් කළේ ය.

    රැකියාවක නිරත බව සියලු දෙනා ට ම වැටුපට සරිලන ලෙසින් පරිදි නව නිවසක් ලබා ගැනිම සඳහා පහළ හා මධ්‍යම පාන්තිකයින්ට සරිලන නිවාස ව්‍යාපෘතියක් ඉදිරිකිරිමට ද කැබිනට්  අනුමැතිය ලැබුණු බව ප්‍රියාත් බන්දු වික්‍රම මහතා පැවසීය.


    මේ අනුව,නිවාස ඉදිකිරීමට ඉඩම් නොමිලේ ලබා දෙන බවත් නිවසක් සඳහා මිලියන 7.5ත් මිලියන 15ත් අතර තනි කාමරය, කාමර 2 හා කාමර 3 යන කාණ්ඩ යටතේ එම නිවාස ඉදි කිරීමට  බලාපොරොත්තු වන බවත් පැවසීය.

    මෙම නිවාස ඉදිරිකිරිමේ සඳහා දිර්ඝ කාලින සියයට 7% ණය පොලිය යටතේ ණය මුදල් ලබා දීමට රජයේ හා ‍පෞද්ගලික අංශය කැමැත්ත පළ කර ඇතැයි ද අමාත්‍යාංශ ලේකම්වරයා  සඳහන් කළ අතර මේ සඳහා දේශිය ඉදිරිකිරීම් කරුවන් යොදා ගන්නා බවත්,අවම වශයෙන් මේ අවුරුද්ද අවසානයේ දී ව්‍යාපාති 05ක් ආරම්භ කිරීමට අපේක්ෂ කරන බවත් කීය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya