මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර බහු විධි ප්‍රවාහන පර්යන්තය ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

    ජූනි 23, 2020

    මහනුවර බහු විධි ප්‍රවාහන පර්යන්තය (KMTT) ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සැලසුම් කිරීම සදහා මහනුවර නගරයේ බස් නැවතුම්පොලවල් සහ දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (21 දින) නිරත විය.

    මහනුවර ඇතිව තිබෙන දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස දුම්රිය, බස් නැවතුම්, පෞද්ගලික වාහන නැවතුම් එක් ස්ථානයකට කේන්ද්‍ර කරමින් ජනතාවට පහසුවක් සැලසීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇති අතර, මෙම සංවර්ධන ව්‍යාපෘතියේදී නගරයේ ඇතැම් ස්ථාන විතැන් කිරීමත් සමග ඇතිවන්නා වු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් මෙන්ම ප්‍රායෝගික විසදුම් ලබාදීමට දැනටමත් සැලසුම් සකස් කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේය.

    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් එම්.ජී.ඒ.තිලකරත්න, පළාත් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කේ.ජී. උපාලි රණවක සහ පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති හසිත දර්ශන විජේතිලක යන මහත්වරුන් ද එක් වී සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya