මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ සංචාරක කේෂ්ත්‍රයේ නියුතු වූවන්ට සහන  

    ජූනි 22, 2020

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක කේෂ්ත්‍ර‍යේ නියුතු වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවල ඇරඹේ .

    ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම සහන සැලසීමේ වැඩසටහන සඳහා සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට දැන් අයදුම් කළ හැකි බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉදිරිපත් කෙරෙනු කැබිනට් පත්‍රිකාවට අනුව සංචාරක කේෂ්ත්‍රයේ නියුතු පුද්ගලයන් 1,44000 ට මෙමගින් සහන සැලසේ . සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් සඳහා රුපියල් 20,000 ක දීමනාවක් හා රියදුරන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් ලබා දීම සඳහා එම අධිකාරිය දැනටමත් අයදුම්පත් කැඳවා තිබේ.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය ඔස්සේ අදාල අයදුම්පත් යොමුකල හැකිය . මේ වනවිට වෙබ් අඩවියේ එම අයදුම්පත් පල කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


    සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් , ගමනාන්ත කලමනාකාරණ සමාගම්,සංචාරක නියෝජිත ආයතන වෙත ඔවුන්ගේ කාර්යය මණ්ඩල වලට මාස 6ක වැටුප් ගෙවීම සඳහා 4% ක පොලියකට ලංකා බැංකුව මඟින් ණය මුදලක් ලබාදීමේ කටයුතු ද ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියි . මේ සඳහා වන අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් මහ බැංකුව වෙත දැනටමත් යොමුකර තිබේ . මහ බැංකුව අදාල දැනුම්දීම කල වහාම මෙම ණය මුදල එම ව්‍යාපාර වල නියුතු වූවන්ට ලබා ගත හැකි බවද රණතුංග මහතා කියයි.

    එමෙන්ම අධිකාරියේ ලියාපදිංචි ආයතන වල ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදීමත් සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලුම වාහන කල්බදු සඳහා ලබාදී ඇති මාස 06ක සහන කාලය වසරක් දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදාල අංශ දැනුවත් කිරීමට කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇති බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya