අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටවැසියාට ජීවත්වීමේ අයිතිය දුන් ජනපතිට, අගමැතිට ජාතියේ ප්‍රණාමය හිමියි- මිරිසවැටිය නාහිමියෝ

    ජූනි 21, 2020

    රටවැසියාට ජීවත්වීමේ අයිතිය දුන් ජනපතිට, අගමැතිට ජාතියේ ප්‍රණාමය හිමිවන බව මිරිසවැටිය නායක හිමියෝ පවසති.

    තිස් වසරකට වැඩි කාලයක් පැවති යුද්ධය තෙවසරකින් නිමාකර දැවි දැවී සිටි රටකට නිදහස උරුමකරදුන් ජනපතිට, අගමැතිට ජාතියේ ප්‍රණාමය හිමිවන බව මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ පවසති.
    රට හදන්න පෙරමුණ ගෙන සිටින ජනාධිපතිතුමා සමග සමස්ත මහා සංඝරත්නය සිටින බවත් එහි කිසිදු වෙනසක් සිදු නොවන බවත් උන්වහන්සේ අවධාරණය කළහ. ඝෘජු ප්‍රතිපත්තියක් ඇති, සෑම අතින්ම අංග සම්පූර්ණ ජනාධිපති කෙනෙකු රටට සිටීම මහත් වාසනාවක් බව ද ඥාණතිලක හිමියෝ පැවසූහ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනයට ආශිර්වාද පළ කරමින් (20) දහවල් මිරිසවැටිය විහාරස්ථානයේ දී සියක් නමක් උදෙසා පිරිනැමුණු සංඝගත දක්ෂිණාව අවසානයේ විශේෂ අනුශාසනාවක් කරමින් පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ මේ බව සඳහන් කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya