අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රගතිය අග්‍රාමාත්‍යවරයගේ නිරීක්ෂණයට

    ජූනි 20, 2020

    උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්ෂණය කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීරිගම - රිලවුලුව කොටසේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරන ICC ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කළේය.


    එහිදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ.එච්.එම්.ඒ.කේ.කෙහෙල්ඇල්ල මහතා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයට අමාත්‍යවරයාට දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය.


    මංතීරු හතරක් හා අන්තර් හුවමාරු මධ්‍යස්ථාන හයක් සහිත ව ඉදි කිරීම් ඇරඹුණ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත් කාලය මාස 30 කි.

    නිසි පරිදි ඉඩම් අත්පත් කර ගැනීමකින් තොරව කොන්ත්‍රාත් පිරිනැමීම මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වීමට එක් හේතුවක් බව එහිදී ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

    පැකේජ හතරක් යටතේ දේශීය ඉදිකිරීම් ආයතන සඳහා කොන්ත්‍රාත් ලබා දී ඇති අතර ඉන් සමහරක් ඉදිකිරීම් ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ද මෙහිදී ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

    2017 ජනවාරි මාසයේ මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කළ අතර ගිවිසුම් ප්‍රකාරව ඉදිකිරීම් අවසන් වූයේ නම් 2019 ජූලි මස වන විට මධ්‍යම අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබුණු බවත් එහිදී ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළේය.

    මෙම අවස්ථාවට මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා,උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත් සමාගම් වල නිලධාරීන් ද එක් වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya