අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරව පිළිගත් පර්යේෂණ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු කරනවා

    ජූනි 04, 2020

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරව පිළිගත් පර්යේෂණ විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

    ඒ අනුව, අසාත්මික සහ ප්‍රතිශක්ති විද්‍යා ශල්‍ය ජීව විද්‍යා ඒකකයක් ස්ථාපිත කිරීමටත්, බෝ නොවන රෝග හෝ වසංගත රෝග අසාත්මික රෝග පිලිබඳ නවීන පර්යේෂණ සඳහා ද විශේෂ ඒකකයක් ඉදිකිරිම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

    මේ වන විට COVID – 19 වෛරස වසංගත තත්ත්වය වළක්වාලීම උදෙසා PCR පරීක්ෂණ සිදු කිරීම සදහා ද විශාල අනුග්‍රහයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබා දෙමින් පවතී.

    එමෙන්ම, දැනට මෙම විශ්ව විද්‍යාලය එක්සත් රාජධානියේ - ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදය - ඒ කැරොලිනා විශ්ව විද්‍යාලය, ස්වීඩනයේ - ගොතන්බර්ග් විශ්ව විද්‍යාලය යන අන්තර්ජාතික විශ්වවිද්‍යාළ සමඟ සිසුන් හුවමාරු කරගැනීමත්, ආචාර්යය මහාචාර්යය වරුන් හුවමාරු කරගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බවත් ඒ හරහා එකී ජාත්‍යන්තර විශ්ව විද්‍යාල මෙරට ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයත් සමඟ ඒකාබද්ධව විවිධ පර්යේෂණ සිදු කරන බවත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya