මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තලයේ විශ්වවිද්‍යාල දිස්ත්‍රික්ක මට්ටමින් ඇති කිරීමට පියවර - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූනි 04, 2020

    ජාතික තලයේ විශ්වවිද්‍යාල  මෙම වර්ෂය තුළ දිස්ත්‍රික්ක මට්ටමින් ඇති කිරීමට පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

    තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධතිය තාක්ෂණය, යන විෂයයන් හා සම්බන්ධ නව විශ්වවිද්‍යාල 10 ක් ඉදිකිරිම සදහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ පවත්නා ණය ගිවිසුම තවදුරටත් ඉදිරියට පවත්වා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණය මුදලක් ලබා දීමට එකඟතාවය පළ කොට ඇති බවත්, ඒ අනුව මෙම වර්ෂය තුළ දී කළුතර, නුවරඑළිය, හම්බන්තොට, මාතලේ, ගාල්ල, දිස්ත්‍රික්ක වල නව ජාතික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමටත්, එමෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය දියුණු කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගන්නා ණය වඩා පිරිමැසුම් දායක වන ලෙස හා වඩා ඵලදායක ලෙස සංවර්ධනය කිරීම සදහාත් උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඒ මහතා කියා සිටියේය.

    ආසියානු සංවර්ධන බැංකුව විසින් විද්‍යා තාක්ෂණ සහ මානව සම්පත් සවර්ධන ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 165 ක ණය මුදලක් විශ්ව විද්‍යාල පද්ධතියේ තාක්ෂණ පිඨයේ ඉදිකිරීම් සඳහා ලබා දී ඇති අතර, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, විදේශ සම්පත් අමාත්‍යංශයත්, මුදල් අමාත්‍යංශයත් හා ආසියානු සංවර්ධන බැංකුවේ උසස් නිළධාරිනුත් සමඟ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කොට මෙම ණය ආධාර ක්‍රමය තවදුරටත් දිගු කරමින් බලාපොරොත්තු වන බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යා දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන පරිදි ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කොට සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, මේ දක්වා කාලය තුළ විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කරගනු ලැබුවේ 30,000 ක පමණක් වන අතර මෙමෙකි ම විශ්ව විද්‍යාල පද්ධති වල සිදු කරන සංවර්ධන ක්‍රියාමාර්ග මඟින් රජයේ දී 2030 වන විට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය අදියරෙන් අදියර 60,000 ක් පමණ දක්වා වැඩි කිරීම ඉලක්කය වන බව ත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

    ඒ වෙනුවෙන් මෙරට නිදහස් අධ්‍යාපනය ලබා දෙන ජාතික විශ්ව විද්‍යාල සැම දිස්ත්‍රික්කයකටම අවම වශයෙන් එකක් ලබා දීමට මෙන්ම විශේෂයෙන් තාක්ෂණික විශ්වවිද්‍යාල ඇති කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහි දී වැඩිදුරටත් සඳහන් කෙරිණි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya